දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ආලේපකරනු ලැබූ බව පිලිස්තිවරුන් ඇසූ කල ඔවුන් සියල්ලෝම දාවිත් සොයා ආවෝය. දාවිත් ඒ අසා ඔවුන්ට විරුද්ධව පිටතට ගියේය.
මෙසේ ඉශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝ හෙබ්‍රොන්හි සිටි රජ්ජුරුවන් වෙතට පැමිණියෝය; දාවිත් රජද හෙබ්‍රොන්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය. ඔව්හු දාවිත් ඉශ්‍රායෙල් කෙරෙහි රජ කොට ආලේපකළෝය.
මෙලෙස ඉශ්‍රායෙල්හි සියලු වැඩිමහල්ලෝ හෙබ්‍රොන්හි සිටි රජු වෙතට පැමිණියාහ; දාවිත්ද හෙබ්‍රොන්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් සමඟ ගිවිසුමක් කෙළේය; ඔව්හු ස්වාමීන්වහන්සේ සාමුවෙල් ලවා කියෙවු වචනය ලෙස දාවිත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජකොට ආලේපකළෝය.
එලීෂාමා, බෙයෙලියාදා සහ එලීපෙලෙත්ය.
පිලිස්තිවරුත් ඇවිත් රෙපායිම් මිටියාවතෙහි පැතිර කොල්ල කෑවෝය.
ආඛීෂ්ගේ සේවකයෝ ඔහුට කථාකොට: මොහු දේශයෙහි රජවූ දාවිත් නොවේද? සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීයයි කියමින් ඔවුන් නැටුම් ඇතුව එකිනෙකාට ගීතිකා කළේ මොහු ගැන නොවේදැයි කීවෝය.