යෙරුසලමේදී ඔහුට උපන් පුත්‍රයන්ගේ නාම මෙසේය: ෂම්මුවා, ෂෝබාබ්, නාතාන් සහ සාලමොන්ය;
තවද ස්වාමීන්වහන්සේ දාවිත් වෙතට නාතාන් යැවූසේක. ඔහු දාවිත් ළඟට ඇවිත් කථාකොට: එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියෝය; එක්කෙනෙක් ධනවතෙක්ය, අනික් අය දිළින්දෙක්ය.
යෙරුසලමේදී ඔහු නිසා උපන්නවුන්ගේ නම් මේය: ෂම්මුවාද ෂෝබාබ්ද නාතාන්ද සාලමොන්ද,
නුඹ ගොස් දාවිත් රජු ළඟට පැමිණ ඔහුට කථාකොට: මගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි–සැබවින් නුඹේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජවී ඔහු මාගේ සිංහාසනය පිට හිඳගන්නේය කියා ඔබගේ මෙහෙකාරීට ඔබ දිවුරුම් දුන්නා නොවේද? එසේවීනම් අදොනියා රජ වී සිටින්නේ මන්දැයි ඔහුට කියන්න.
එවිට ඈ: මාගේ ස්වාමිනි, ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගැන ඔබගේ මෙහෙකාරීට ඔබ දිවුරමින්–සැබවින් නුඹේ පුත්‍රවූ සාලමොන් මට පසුව රජ වී මාගේ සිංහාසනය පිට හිඳගන්නේයයි කීවෙහිය.
එවිට ඔහු: රාජ්‍යය මට ලැබෙන්නට තිබුණු බවත් මා රජකම්කරනවා ඇත කියා සියලු ඉශ්‍රායෙල්වරුන් මා ගැන බලා සිටිය බවත් නුඹ දන්නෙහිය. නුමුත් රජකම වෙනස්වී මාගේ සහෝදරයාට ගියේය. මක්නිසාද ඒක ඔහුට ස්වාමීන්වහන්සේගෙන් ලැබුණේය.
සාලමොන් තමාගේ පියවූ දාවිත්ගේ නියෝග ලෙස හැසිර ස්වාමීන්වහන්සේට ප්‍රේම කෙළේය. නුමුත් ඔහු උස් තැන් පිට පූජා හා සුවඳ දුම් ඔප්පුකෙළේය.
දාවිත් යෙරුසලමේදී තවත් භාර්යාවන් පාවාගත්තේය. දාවිත්ට දාව තව පුත්‍රයොත් දූවරුත් උපන්නෝය.
ඉබ්හාර්, එලීෂුවා සහ එල්පෙලෙත්ය;
යෙස්සේට දාව දාවිත් රජ උපන්නේය. දාවිත් රජුට දාව උරියාට භාර්යාව වී සිටිය ස්ත්‍රියගෙන් සාලමොන් උපන්නේය;
ඔහු මෙලෙයාගේ පුත්‍රයාය, ඔහු මෙන්නාගේ පුත්‍රයාය, ඔහු මත්තතාගේ පුත්‍රයාය, ඔහු නාතන්ගේ පුත්‍රයාය, ඔහු දාවිත්ගේ පුත්‍රයාය,