දාවිත් දෙවියන්වහන්සේ අණකළ ලෙස කෙළේය. ඔව්හු ගිබියොන් සිට ගෙසෙර් දක්වා පිලිස්තිවරුන්ගේ සේනාවට පහරදුන්නෝය.
නෝවා එසේ කෙළේය; දෙවියන්වහන්සේ ඔහුට අණ කළ සියල්ල ලෙස ඔහු කෙළේය.
දාවිත් ස්වාමීන්වහන්සේ අණකළ හැටියට කොට ගෙබාහි සිට ගෙසෙර්ට පැමිණෙන තෙක් පිලිස්තිවරුන්ට පහර දුන්නේය.
තවද ඇඹිල්ල ගස් මුදුන්වල අඩි තබාගන යන ශබ්දයක් නුඹට ඇසෙන විට සටනට පිටත්ව යන්න. මක්නිසාද දෙවියන්වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහරදෙන්ට නුඹට පෙරටුවෙන් පිටත්ව යනසේකැයි ඔහුට කීසේක.
දාවිත්ගේ කීර්තිය සියලු රටවල පතළවී ගියේය; ස්වාමීන්වහන්සේ සියලු ජාතීන් පිටට ඔහු කෙරෙහි භයක් පැමිණෙවුසේක.
ඉන්පසු පිලිස්තිවරුන් සමඟ ගෙසෙර්හි යුද්ධයක් හටගත්තේය. එකල හුෂාතිය සිබ්බෙකයි තෙමේ යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ සිප්පයි මැරුවේය. ඔව්හු යටත්කරනු ලැබුවෝය.
මෙසේ එප්‍රායිම් කඳු රටේ තිබෙන ආරක්ෂා නුවරක්වූ ෂෙකෙම් සහ ඒකේ පිට-බිම්ද ගෙසෙර් සහ ඒකේ පිට-බිම්ද;
එසේය, ස්වාමීන්වහන්සේ තමන්ගේ ක්‍රියාව වන තමන්ගේ අපූරු ක්‍රියාව කිරීමටත් තමන්ගේ වැඩය වන තමන්ගේ අපූරු වැඩය ඉෂ්ටකිරීමටත් පෙරාශීම් කන්දේදී මෙන් නැගිටිනසේක, ගිබියොන් මිටියාවතේදී මෙන් කෝපවනසේක.
ඉඳින් මේ දේවල් දන්නාවූ නුඹලා ඒවා කරනවා නම් නුඹලා ආශීර්වාදලද්දෝය.
මා නුඹලාට ආඥාකරන දේ නුඹලා කරනවානම්, නුඹලා මාගේ මිත්‍රයෝය.
උන්වහන්සේගේ මෑණියෝ: උන්වහන්සේ නුඹලාට කියන කොයි දෙයක් නුමුත් කරන්නැයි මෙහෙකරුවන්ට කීවාය.
ඔව්හු ගෙසෙර්හි වාසයකළ කානානිවරුන් පන්නා නොදැමුවෝය. නුමුත් කානානිවරු අද දවස දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසයකරමින් බර වැඩට යටත්ව සිටිති.