යොර්දානෙන් එගොඩ රූබෙන්වරුන්ගෙන්ද ගාද්වරුන්ගෙන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද සටනට සියලු ආකාර යුද්ධායුධ ඇති අය එක්ලක්ෂ විසිදහසක්ය.
ආෂෙර්වරුන්ගෙන්, සටනට ගොස් යුද්ධ පිළිවෙළින් සිටින්ට පුළුවන්වූ අය සතළිස් දහසක්ය.
යුද්ධ පිළිවෙළට පැමිණෙන්ට පුළුවන්වූ මේ සියලු යුද්ධකාරයෝ සියලු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි දාවිත් රජකමට පත්කිරීමට සම්පූර්ණ සිතින් හෙබ්‍රොන්ට ආවෝය. අනික් සියලු ඉශ්‍රායෙල්වරුත් දාවිත් රජකමට පත්කිරීමට එක්සිත්ව සිටියෝය.
මක්නිසාද ගෝත්‍ර දෙකටත් අර්ධ ගෝත්‍රයටත් මෝසෙස් යොර්දානෙන් එගොඩ ඔවුන්ගේ උරුම දුන්නේය. නුමුත් ලෙවීවරුන්ට ඔහු ඔවුන් අතරේ උරුමයක් නුදුන්නේය.