දාන්වරුන්ගෙන්, යුද්ධ පිළිවෙළට පැමිණෙන අය විසිඅටදාස් හසියයක්ය.
දාන්ගේ පුත්‍රයෝ නම් හුෂීම්ය.
දාන් අශ්වයා පිට නැගී යන අය පස්සට වැටෙන ලෙස අශ්වයාගේ විලුඹුවලට දෂ්ටකරන්නාවූ මාර්ගයෙහි සිටින සර්පයෙක් වන්නේය, මාවත සිටින පොළඟෙක් වන්නේය.
නප්තලීවරුන්ගෙන්, අධිපතිවරු දහසක් සහ ඔවුන් සමඟ පලිහද හෙල්ලයද ඇති අය තිස්හත් දහසක්ය.
ආෂෙර්වරුන්ගෙන්, සටනට ගොස් යුද්ධ පිළිවෙළින් සිටින්ට පුළුවන්වූ අය සතළිස් දහසක්ය.
බක්බක්කර්, හෙරෙෂ්, ගාලාල් සහ ආසාප්ගේ පුත්‍රවූ සික්රිගේ පුත්‍රයා වන මීකාගේ පුත්‍රවූ මත්තනියාය;
ඔහු දාන් ගැන කියනුයේ–දාන් සිංහ පැටවෙක, ඔහු බාෂාන්හි සිට පනින්නේයයි කීය.