ඔහු මිල්ලෝ පටන් වටකරින්ම නුවර ගොඩනැගුවේය. යෝවාබ් නුවර ඉතිරි කොටස අලුත්වැඩියා කෙළේය.
ඔහු රජුට විරුද්ධව අත එසෙවුවේ මේ කාරණය නිසාය. සාලමොන් මිල්ලෝ ගොඩනගමින්ද තමාගේ පියවූ දාවිත්ගේ නුවර කැඩුම් හරිගස්සමින්ද සිටියේය.
සාලමොන් රජු රාජකාරියට මනුෂ්‍යයන් ගත් අභිප්‍රාය නම්, ස්වාමීන්වහන්සේගේ ගෘහයද තමාගේම ගෙයද මිල්ලෝද යෙරුසලමේ පවුරද හාශෝර්ද මෙගිද්දෝද ගෙසෙර්ද ගොඩනැගීම පිණිසය.
ඔහුගේ සේවකයෝ නැගිට කුමන්ත්‍රණයකොට, සිල්ලාට යන මාර්ගයෙහි තිබෙන මිල්ලෝහි ගෙයිදී යෝවාෂ් මැරුවෝය.
දාවිත් බලකොටුවෙහි වාසයකෙළේය; ඒ නිසා ඊට දාවිත්ගේ නුවරයයි නම් කළෝය.
දාවිත් වඩ වඩා උසස් වූයේය; මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ ඔහු හා සමඟ සිටිසේක.
තමාගේ සහෝදරයන් සහ සමාරියේ සේනාව ඉදිරියේදී කථාකොට: මේ බෙලහීන යුදෙව්වෝ මක්කරද්ද? මිනිසුන් ඔවුන්ට ඉඩදෙනවා ඇද්ද? ඔවුන් පූජාකරනවා ඇද්ද? දවසකින් තීන්දුකරනවා ඇද්ද? දවා දමන්ට යෙදුණු ගල් නැවත පස් ගොඩවලින් උපදවාගන්නවා ඇද්දැයි කීවේය.
එසේ නැත්නම් අබිමෙලෙක්ගෙන් ගිනි නික්ම ෂෙකෙම් වැසියන්ද මිල්ලෝ වංශයද දවාදමාවා; ෂෙකෙම් වැසියන්ගෙන්ද මිල්ලෝ වංශයෙන්ද ගිනි නික්ම අබිමෙලෙක් දවාදමාවයි කීවේය.
ෂෙකෙම්හි සියලු වැසියෝද මිල්ලෝහි සියලු වැසියෝද එක්ව ගොස් ෂෙකෙම්හි තිබුණු කණුව අසල අලෝන වෘක්ෂය ළඟදී අබිමෙලෙක් රජකමට පත්කළෝය.