දාවිත්තද ආශාවෙන් කියනුයේ: අනේ බෙත්-ලෙහෙමේ දොරටුව ළඟ තිබෙන ළිඳෙන් කවුරුවත් මට බොන්ට වතුර ගෙනත් දුන්නොත්! කියා කීවේය.
දාවිත් එවකට බලකොටුවෙහි සිටියේය, පිලිස්තිවරුන්ගේ මුර සේනාව එවකට බෙත්-ලෙහෙමෙහි සිටියෝය.
එවිට ඒ තුන්දෙනා පිලිස්තිවරුන්ගේ හමුදාව මැදින් බිඳගන ගොස් බෙත්-ලෙහෙමේ දොරටුව සමීපයෙහිවූ ළිඳෙන් වතුර ඇද දාවිත් වෙතට ගෙනාවෝය. නුමුත් දාවිත් ඒවා බොන්ට නොකැමැතිව, ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වත්කොට කියනුයේ:
මාගේ අත් ඔබ දෙසට දිගුකරමි. වියළි බිමක් මෙන් මාගේ ආත්මය ඔබට පිපාසාවේ.
බලවත් නුවරට මා පමුණුවන්නේ කවුද? ඒදොම්ට මා පැමිණෙවුවේ කවුද?
දෙවියන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; අලුයම ඔබ සොයන්නෙමි. වතුර නැති, වියලුණ, වෙහෙස උපදවන්නාවූ දේශයකදී මාගේ ආත්මය ඔබ කෙරෙහි පිපාසා ඇත්තේය, මාගේ මාංසය ඔබ කෙරෙහි ආශා ඇත්තේය.
එබැවින් නුඹලා ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය.
යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: දෙවියන්වහන්සේගේ දීමනාවත්, මට බොන්ට දෙන්නැයි නුඹට කීවේ කවුද කියාත් නුඹ දැනගන සිටියා නම්, නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත, එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක.
නුමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නුමුත් කිසිකලෙක පිපාසා නොවන්නේය; මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේයයි කීසේක.