ඊළඟට අහෝහිය දෝදෝගේ පුත්‍රවූ එලෙයාසර් සිටියේය, ඔහු බලවන්තයන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ය.
ඔහු තිස්දෙනාට වඩා ගරුතර කෙනෙක්ය, එහෙත් පළමුවෙනි තුන්දෙනාගේ ප්‍රමාණයට නොපැමිණියේය. දාවිත් තමාගේ මුරකාරයන් කෙරෙහි ඔහු අධිපතියා කෙළේය.
ඊළඟට අහෝහිය දෝදෝගේ පුත්‍රවූ එලෙයාසර්ය; ඔහු පිලිස්තිවරුන් යුද්ධයට රැස්ව සිටිද්දී ඒ ස්ථානයෙහි දාවිත් සමඟ සිට ඔවුන්ට මිග කී බලවන්තයන් තුන්දෙනාගෙන් එක්කෙනෙක්ය, ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝද ගොස් සිටියෝය.
මේ දේ කිරීමෙන් මාගේ දෙවියන්වහන්සේ මා වලක්වනසේක්වා. තමුන්ගේ ජීවිතයට වියහැකි අන්තරාය නොසලකා ගියාවූ මේ මනුෂ්‍යයන්ගේ ලේ මා විසින් බොන්ටද? මක්නිසාද ඔව්හු තමුන්ගේ ජීවිත අන්තරායෙහි තබා මේවා ගෙනාවෝයයි කීය. එහෙයින් ඔහු ඒවා බොන්ට නොකැමැතිවිය. ඒ බලවන්තයන් තුන්දෙනා මේ දේ කළෝය.
දෙවෙනි තුන්දෙනාගෙන් ඔහු අනික් දෙදෙනාට වඩා ගරුකටයුතු වූයෙන්, ඔවුන්ගේ අධිපතියා විය. එසේ වී නුමුත් ඔහු පළමුවෙනි තුන්දෙනා තරමට නොපැමිණියේය.
දෙවෙනි මාසයට පංක්තිය කෙරෙහි අහෝහිය දෝදයි පත්ව සිටියේය. ඔහුගේ පංක්තියේ මුලාදෑනියා මික්ලොත්ය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.
අබිෂුවා, නාමාන්, අහෝවා;