ඕපීර්ද හවීලාද යෝබාබ්ද උපන්නෝය. මේ සියල්ලෝ යොක්තාන්ගේ පුත්‍රයෝය.
ඕඵීර්, හවීලා සහ යෝබාබ් උපන්නෝය. මේ සියල්ලෝ යොක්තාන්ගේ පුත්‍රයෝය.
පළමුවෙනි ගංගාවේ නම පීෂොන්ය; එය නම් රත්රන් ඇති මුළු හවීලා දේශය වටේට ගලායන එකය;
ඔව්හු හවිලාවේ පටන් අෂූර්ට යන මාර්ගයෙහි මිසරය ඉදිරියෙහි වූ ෂූර් දක්වා වාසයකළෝය. ඔහු තමාගේ සියලු සහෝදරයන් ඉදිරියෙහි විසීය.
ඕපීර් සිට රන් ගෙනාවාවූ හීරාම්ගේ නැව්වලින් හඳුන් ලී බොහොමයක්ද අනර්ඝ ගල්ද ඕපීරෙන් ගෙනෙන ලද්දේය.
ඔව්හු ඕපීර්ට ගොස් එතැනින් රන් තලෙන්ත හාරසිය විස්සක් සාලමොන් රජු ළඟට ගෙනාවෝය.
ඒබාල්ද අබීමායෙල්ද ෂෙබාද;
ෂෙම්, අර්පක්ෂද්, ෂෙලා;
එනම් ගෘහවල භිත්ති වසාලන පිණිසද, රන් වැඩවලටත් රිදී වැඩවලටත් කර්මාන්තකාරයන්ගේ සියලු වැඩවලටත් පාවිච්චිකරන පිණිසද,
නුඹේ ලෝභ වස්තුව ධූලියෙහිද ඕපීර්හි රන් දොළවල ගල් අතරේද දමන්න;
ඔබගේ කුල ස්ත්‍රීන් අතරෙහි රාජ දූවරු සිටිති. ඕපීර්හි රනින් සැරසී බිසව් තොමෝ ඔබගේ දකුණෙන් සිටින්නීය.
මම මනුෂ්‍යයෙකු අමිශ්‍ර රනට වඩා එනම් ඕපීර්හි පවිත්‍ර රත්රන්වලට වඩා දුර්ලභවන්ට සලස්වන්නෙමි.
සාවුල්ද හවිලා පටන් මිසරය ඉදිරිපිට තිබෙන ෂූර් දක්වා අමලෙක්වරුන්ට පහර දුන්නේය.