දේශයෙහි ඉතිරිව සිටියාවූ ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සාලමොන් අද දවස දක්වා රාජකාරියට දාසයන් ගණනක් ගත්තේය.
සාලමොන් රජ සියලු ඉශ්‍රායෙල්වරුන් අතරෙන් රාජකාරියට මිනිසුන් ගත්තේය; ඊට තෝරාගනු ලැබූ මනුෂ්‍යයෝ තිස්දහසක්ය.
සාලමොන් රජු රාජකාරියට මනුෂ්‍යයන් ගත් අභිප්‍රාය නම්, ස්වාමීන්වහන්සේගේ ගෘහයද තමාගේම ගෙයද මිල්ලෝද යෙරුසලමේ පවුරද හාශෝර්ද මෙගිද්දෝද ගෙසෙර්ද ගොඩනැගීම පිණිසය.
ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් නුවූ, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මුළුමනින්ම විනාශකර දමන්ට බැරිවුණාවූ අමෝරිවරුන්ගෙන්ද හිත්තීවරුන්ගෙන්ද පෙරිස්සිවරුන්ගෙන්ද හිවීවරුන්ගෙන්ද යෙබූසිවරුන්ගෙන්ද ඉතිරිවුණ සියලු ජාතීන්ට පසුව,
තවද දාවිත් ඉශ්‍රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස්කරන්ට අණකොට, දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනගන පිණිස හතරැස් ගල් කපන්ට ගල්වඩුවන් පත්කෙළේය.
ඉතිරිවූ මුළු සෙනඟට පසුව දේශයෙහි ඉතිරිව සිටියාවූ ඔවුන්ගේ පුත්‍රයන් සාලමොන් අද දවස දක්වා රාජකාරියට ගත්තේය.
යූදාහි නුවරවල ඉශ්‍රායෙල්වරුද පූජකයෝද ලෙවීවරුද නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝද තමුන්ගේ නුවරවල තිබුණු තම තමුන්ගේ උරුමවල වාසයකළෝය. යෙරුසලමෙහි වාසය කළ රටේ ප්‍රධානියෝ නම් මොව්හුය.
සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ නම්: සෝටයිගේ පුත්‍රයෝය, සොපෙරෙත්ගේ පුත්‍රයෝය, පෙරීදාගේ පුත්‍රයෝය;
කඩිසර අයගේ අත ආණ්ඩුකරන්නේය; එහෙත් අලසයෝ දාස වැඩට යටත්වන්නෝය.
නුඹට සමාදාන උත්තරයක් දී දොරටුව ඇර දුන්නොත් එහි සිටින මුළු සෙනඟ නුඹට කප්පන් දෙමින් නුඹට සේවය කළ යුතුය.
නුමුත් යෙරුසලමේ වාසයකළ යෙබූසිවරුන් පන්නාදමන්ට යූදා පුත්‍රයන්ට නොහැකි විය. අද දවස දක්වා යෙබූසිවරු යූදා පුත්‍රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති.
ඔව්හු ගෙසෙර්හි වාසයකළ කානානිවරුන් පන්නා නොදැමුවෝය. නුමුත් කානානිවරු අද දවස දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසයකරමින් බර වැඩට යටත්ව සිටිති.
එහෙත් මනස්සේ පුත්‍රයන්ට ඒ නුවරවල වැසියන් එළවන්ට නොහැකි විය; කානානිවරු ඒ රටේ වාසයකරන්ටම කැමැතිව සිටියෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයන් ශක්තිමත්වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට පත් කළෝය, එහෙත් ඔවුන් සහමුලින් පන්නා නොදැමූහ.
බෙන්යමින් පුත්‍රයෝ යෙරුසලමේ විසූ යෙබූසිවරුන් පන්නානොදැමූහ. යෙබූසිවරු අද දවස දක්වා බෙන්යමින් පුත්‍රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති.
අමෝරිවරුන්ගේ සීමාව අක්‍රබ්බීම් නැගුම වූ පර්වතයේ සිට ඉහළට පිහිටියේය.
ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ: මේ ජාතිය මාගේ හඬට ඇහුම්කන්නොදී මා විසින් ඔවුන්ගේ පියවරුන්ට අණකළ මාගේ ගිවිසුම කඩකළ බැවින්,
කානාන්හි සියලු යුද්ධ දැනනොගත්තාවූ සියලු ඉශ්‍රායෙල්වරුන් සෝදිසිකරන පිණිසද,