මිසරයේ රජවූ ඵාරාවෝ ඇවිත් ගෙසෙර් අල්වාගෙන ඒක ගින්නෙන් පුලුස්සාදමා, ඒ නුවර වාසයකළ කානානිවරුන් මරා, ඒක සාලමොන්ගේ භාර්යාවවූ තමාගේ දුවට දායාදයක්කොට දී තිබුණේය.
තවද සාලමොන් මිසරයේ රජවූ ඵාරාවෝ හා නෑකම් බැඳ ඵාරාවෝගේ දුව පාවාගෙන, තමාගේ ගෙයත් ස්වාමීන්වහන්සේගේ ගෘහයත් යෙරුසලම වටකර පවුරත් ගොඩනගා නිමකරන තුරු ඈ දාවිත්ගේ නුවරට ගෙනාවේය.
ඔහුට වාසයකිරීමට ශාලාවට එහා පැත්තෙන් අනික් මිදුලේ තිබුණ ඔහුගේ ගෘහය ඊට සමානව සාදන ලද්දේය. ඒ ශාලාවට සමානවූ ගෙයක් සාලමොන් තමා භාර්යාකොට පාවාගත් ඵාරාවෝගේ දුවටත් සෑදුවේය.
ඵාරාවෝගේ දියණිය වනාහි දාවිත්ගේ නුවර සිට සාලමොන් විසින් ඈ උදෙසා ගොඩනැගූ ඇගේ ගෙට ආවාය. එවිට ඔහු මිල්ලෝ ගොඩනැගීය.
එවිට ගෙශෙර්හි රජවූ හොරාම් ලාකීෂ්ට උපකාර කරන පිණිස ආයේය; යෝෂුවා ඔහුට එක්කෙනෙක්වත් ඉතුරුනොවෙන තුරු ඔහුටත් ඔහුගේ සෙනඟටත් පහරදුන්නේය.
ඔව්හු ගෙසෙර්හි වාසයකළ කානානිවරුන් පන්නා නොදැමුවෝය. නුමුත් කානානිවරු අද දවස දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසයකරමින් බර වැඩට යටත්ව සිටිති.