Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 රාජාවලිය 9:1

Sinhala Revised Old Version

තවද සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජ ගෙයද ගොඩනගා, සාලමොන් තමාගේ මුළු ආශාවේ හැටියට සාදන්ට කැමතිවූ සියල්ලත් නිමකළ විට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

18 හුවමාරු යොමු  

තවද සාලමොන් මිසරයේ රජවූ ඵාරාවෝ හා නෑකම් බැඳ ඵාරාවෝගේ දුව පාවාගෙන, තමාගේ ගෙයත් ස්වාමීන්වහන්සේගේ ගෘහයත් යෙරුසලම වටකර පවුරත් ගොඩනගා නිමකරන තුරු ඈ දාවිත්ගේ නුවරට ගෙනාවේය.

සතරවෙනි අවුරුද්දේ ශීව් මාසයේදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම තබනලද්දේය.

සාලමොන් තමාගේම ගෘහය දහතුන් අවුරුද්දකින් ගොඩනැගුවේය, තමාගේ මුළු ගෘහයද අවසානකෙළේය.

ඔහු ලෙබනොන් වනය නම් ගෘහය ගොඩනැගීය; කිහිරි කණු පේළි සතරක්ද ඒ කණු පිට කිහිරි දැවද ඇතුව එය සාදන ලද්දේය. එහි දිග රියන් සියයක්ය, පළල රියන් පනහක්ය, උස රියන් තිහක්ය.

මෙලෙස සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා කෙරෙවු සියලු වැඩ නිමවිය. සාලමොන් තමාගේ පියවූ දාවිත් විසින් කැපකළදේ එනම් රිදීද රන්ද බඩුද ඇතුළට ගෙනවුත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවල තැබුවේය.

අටවෙනිදා ඔහු සෙනඟ යන්ට හැරියේය, ඔව්හු රජුට ආශීර්වාද ඉල්ලා, ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ දාවිත්ටත් තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටත් කළ සියලු යහපත්කම් ගැන ප්‍රීතිමත්ව, සන්තෝෂ සිත් ඇතුව, තමුන්ගේ කූඩාරම්වලට ගියෝය.

තවද සාලමොන් විසින් ගෘහ දෙක එනම් ස්වාමීන්වහන්සේගේ ගෘහය සහ රජ ගෙය ගොඩනැගීමට ගත කළ විසි අවුරුද්දට පසු,

සාලමොන්ගේ මුළු කැමැත්තේ හැටියට ඔහුට කිහිරි ලීද දේවදාර ලීද රන්ද සපයා දුන් තීර්හි රජවූ හීරාම්ට සාලමොන් රජ ගලීල දේශයෙහි නුවරවල් විස්සක් දුන්නේය.

සාලමොන් සන්තකවූ සියලු ගබඩා නුවරවල්ද රථවලට නුවරවල්ද අසරුවන්ට නුවරවල්ද සාලමොන් යෙරුසලමෙහිත් ලෙබනොන්හිත් තමාගේ ආණ්ඩුවට අඩංගුවූ මුළු දේශයෙහිත් තමා සතුටුවූ ප්‍රකාර ගොඩනගන්ට කැමතිවූ සියල්ලද ගොඩනැගුවේය.

සාලමොන් යාච්ඤාකොට නිමකළ විට අහසින් ගිනි බැස ඇවිත් දවන පූජාවද යාගයන්ද දවාදැම්මේය; ස්වාමීන්වහන්සේගේ තේජසින් ගෘහය පිරීගියේය.

මෙසේ සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජුගේ ගෘහයද නිමකෙළේය. ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහිත් තමාගේම ගෘහයෙහිත් කරන්ට සාලමොන්ගේ සිතට ආ සියල්ලත් ඉෂ්ටකෙළේය.

සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයද තමාගේ ගෘහයද ගොඩනැගීමට ගතකළ විසි අවුරුද්දට පසු,

බාලාත්ද සාලමොන්ට තිබුණ සියලු ගබඩා-නුවරවල්ද තමාගේ රථවලට සියලු නුවරවල්ද තමාගේ අසරුවන්ට නුවරවල්ද යෙරුසලමෙහිත්, ලෙබනොන්හිත්, තමාගේ ආණ්ඩුවට අඩංගුවූ මුළු දේශයෙහිත් සාලමොන් තමාගේ සතුට පිණිස ගොඩනගන්ට කැමතිවූ සියල්ලද ගොඩනැගුවේය.

මාගේ ඇස් ආශාකළ කොයි දෙයක්වත් මම ඒවායින් නොවැලැක්වීමි. කිසි ප්‍රීතියකින්ද මාගේ සිත නොවැලැක්වීමි, මක්නිසාද මාගේ සිත මාගේ මුළු වැඩෙන් ප්‍රීතිවුණේය; මාගේ මුළු වැඩෙන් මට ලැබුණු කොටස මේය.

මම මහත් කර්මාන්ත කෙළෙමි; මම ගෙවල් ගොඩනගාගෙන මිදිවතු වවාගත්තෙමි;

සිත ආශාවෙන ඒවාට වඩා ඇස්වලට පෙනෙන ඒවා හොඳය. මේකත් නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්