ඒ පොලු ඒවායේ අග්ගිස් දිව්‍ය-වාක්‍යස්ථානයට ඉදිරියෙහි වූ ශුද්ධස්ථානයට පෙනෙන තරම් දිගව තිබුණේය; නුමුත් ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වාම එහි තිබේ.
මක්නිසාද පෙට්ටියේ ඉඩමට උඩින් විහිදී තිබුණු කෙරුබ්වරුන්ගේ පියාපත්වලට පෙට්ටියත් ඒකේ පොලුත් උඩින් වැසී තිබුණේය.
පොලු දිග බැවින් පොලුවල කෙළවරවල් ගිවිසුම් පෙට්ටියෙන් පිට දේව වාක්‍යස්ථානය ඉදිරියෙහි පෙනුණේය; නුමුත් ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වාම එහි තිබේ.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු සාක්ෂිය පෙට්ටියෙහි තබා, පෙට්ටියට පොලුද පෙට්ටිය උඩ කරුණාසනයද තබා,
ඔව්හු මිල රැගෙන තමුන්ට ඉගැන්නූ ලෙස කළෝය. මෙසේ ඒ කීම යුදෙව්වරුන් අතරේ ප්‍රසිද්ධව, අද දක්වා පවත්නේය.
යොර්දාන් මැද ගිවිසුම් පෙට්ටිය ගෙනගිය පූජකයන්ගේ පාද තිබුණු තැනද යෝෂුවා ගල් දොළසක් තැබුවේය. ඒවා අද දක්වා එහි තිබේ.