රජද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පූජා ඔප්පුකළෝය.
ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනවුත් දාවිත් විසින් ඒ සඳහා පිහිටුවා තිබුණු කූඩාරම තුළ තබා, දවන පූජාවල්ද ශාන්ති පූජාවල්ද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකළෝය.
ඒ දවසට පසුවදා ඔව්හු ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරමින්, ගොන් දහසකුත් බැටළුවන් දහසකුත් බැටළු වස්සන් දහසකුත් දවන පූජාවල් කොටද ඒවායේ පාන පූජා සමඟ වෙනත් පූජාද බොහෝසෙයින්ම සියලු ඉශ්‍රායෙල්වරුන් උදෙසා ස්වාමීන්වහන්සේට ඔප්පුකළෝය.
තමාගේ පූජාවකොට ඔහු බැටළු පැටවෙකු ඔප්පුකරන්නේනම් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඌ ඔප්පු කෙරේවා.