ඔහු රියන් පනහක් දිගද රියන් තිහක් පළලද ඇති කුළුනු ශාලාවත් සෑදුවේය; ඒවා ඉදිරිපිට කුළුනුද පඩි පෙළක්ද ඇති තවත් ශාලාවකුත් ඒවා ඉදිරිපිට සෑදුවේය.
වටකර තිබුණ මහ මිදුල කැපූ ගල් පේළි තුනකින්ද කිහිරි දැව පේළියකින්ද සාදන ලද්දේය; ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඇතුළු මිදුලත් ගෘහයේ ශාලාවත් එසේමය.
සියලු දොරකඩවල්ද උළුවහුද ජනේලවලට කෙළින් සතරැස්ව තිබුණේය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේය.