සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු එනම් රන් පූජාසනයද පිදීමේ රොටි තැබීමට රන් මේසයද,
එහෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහය නිසා රිදී කුසලාන්ද පහන් කතුරුද තලිද හොරණෑද යම් රන් භාජන හෝ රිදී භාජනද නොසාදා,
ඔහු ස්වාමීන්වහන්සේ කී ලෙස ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තු සියල්ලද රජගෙයි වස්තුද එතැනින් පිටතට ගෙනයනුයේ, ඉශ්‍රායෙල් රජවූ සාලමොන් විසින් ස්වාමීන්වහන්සේගේ මාලිගාවෙහි සාදා තිබුණු සියලු රන් භාජන කැබලිකොට කැපීය.
ගිනිකබල්ද තාළිද රන් බඩුවල රන්ද රිදී බඩුවල රිදීද රැකවලුන්ගේ අධිපතියා විසින් ගන්නාලද්දේය.
සාලමොන් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු වන රන් පූජාසනයද පිදීමේ රොටි තිබුණු මේසද;
ඔහු මේස දසයක්ද සාදා, පහක් මාලිගාවෙහි දකුණේද පහක් වමේද තැබුවේය. ඔහු රන් තලි සියයකුත් සෑදුවේය.
සැබවින් රිදී තිබෙන ආකරයක්ද පිරිසිදුකරන රනට ස්ථානයක්ද තිබේ.
මේසය සහ ඒකේ සියලු භාජනද පිදීමේ රොටිද;
රන්මය පූජාසනයද ආලේප තෛලයද සුගන්ධ ධූප ද්‍රව්‍යයන්ද කූඩාරමේ දොරකඩට කඩතුරාවද;
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු රන් පූජාසනය සම්මුඛවීමේ කූඩාරමෙහි තිරය ඉදිරිපිට තබා,
දොරටුවේ ශාලාවේ එක පැත්තක මේස දෙකක්ද අනික් පැත්තෙහි මේස දෙකක්ද තිබුණේය; ඒවා තිබුණේ ඒ උඩ දවන පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද මරන පිණිසය.
රියන් එකහමාරක් දිගද රියන් එකහමාරක් පළලද රියනක් උසද ඇති කැපූ ගල් මේස හතරකුත් තිබුණේය; ඒවා තිබුණේ ඒ උඩ දවන පූජාවල්ද වෙනත් පූජාවල්ද මරන්ට පාවිච්චිකරන ආවුද තැබීමටය.
පූජාසනය ලී පූජාසනයක්ය, උස රියන් තුනක්ය, ඒකේ දිග දෙරියනක්ය; ඒකේ කොන්ද ඒකේ අඩියද ඒකේ පැතිද ලීවලින්ය. එවිට ඔහු: මෙය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන මේසයයයි මට කීය.
ඔවුන්ට නම් මාගේ ශුද්ධස්ථානයට ඇතුල්වෙන්ටත් මට සේවයකිරීමට මාගේ මේසය ළඟට පැමිණෙන්ටත් මාගේ සේවය පවත්වන්ටත් පුළුවන.
නුමුත් නුඹලා: ස්වාමීන්වහන්සේගේ මේසය පිළිකුල්ය, එහි ඵල එනම් එහි ආහාර නීචයයි කීමෙන් ඒ නාමය කෙලසන්නහුය.
එනම්, දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට පමණක් මිස තමාටවත් තමා සමඟ සිටියවුන්ටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කෑ බව නුඹලා කියෙවුවේ නැද්ද?
නුඹලාට ස්වාමීන්වහන්සේගේ කුසලානෙන්ද යක්ෂයන්ගේ කුසලානෙන්ද බොන්ට නුපුළුවන. ස්වාමීන්වහන්සේගේ මේසයටද යක්ෂයන්ගේ මේසයටද පංගුකාරයන් වන්ට නුඹලාට නුපුළුවන.