Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 රාජාවලිය 7:45

Sinhala Revised Old Version

හැළිද හැඳිද තාලිද යන මේවාය. හීරාම් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට සෑදූ මේ සියලු බඩු ඔපදැමූ පිත්තලෙන් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

ඇතිලිද හැඳිද පහන් කතුරුද පාත්‍රාද මෙහෙයට පාවිච්චිකළ පිත්තල බඩු සියල්ලද ඔව්හු ගත්තෝය.

සැළිද හැඳිද මස් කොකුද ඒවායේ සියලු බඩුද ඔහු සෑදුවේය. ඔහුට පියෙක්වූ හූරාම් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට සෑදූ ඒ බඩු ඔපදැමූ පිත්තලෙන්ය.

එහි අලු ඉවත ගෙනයෑමට ඒකේ හැළිද ඒකේ හැඳිද ඒකේ තලිද ඒකේ මස්කොකුද ඒකේ ගිනි කබල්ද සාදන්න. ඒකේ සියලු භාජන පිත්තලෙන් සෑදිය යුතුය.

පූජාසනයේ සියලු භාජන එනම් හැළිද හැඳිද තලිද මස් කොකුද ගිනිකබල්ද සෑදුවේය. ඒකේ සියලු භාජන ඔහු පිත්තලෙන් සෑදුවේය.

ඇතිළිද හැඳිද පහන් කතුරුද තාළිද පාත්‍රාද සේවයට පාවිච්චිකළ පිත්තල බඩු සියල්ලද ඔව්හු ගෙනගියෝය.

මෝසෙස්ද ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට කියනුයේ: සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ ඒ මාංසය තම්බන්න. ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් විසින් එය කෑ යුතුයයි මා විසින් අණකළ ලෙස එහිදී කැපකිරීමේ පැසෙහි තිබෙන රොටිත් සමඟ එය කන්න.

යෙරුසලමෙහිද යූදාහිද තිබෙන සැළි සියල්ලත් සේනාවල ස්වාමීන්වහන්සේට ශුද්ධව තිබෙනවා ඇත. පූජාකරන සියල්ලෝ ඇවිත් ඒවායින් කැමති ඒවා රැගෙන, ඒවායේ උයන්නෝය. ඒ කාලයේදී සේනාවල ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි කානානියයෙක් තවත් නොසිටින්නේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්