Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 රාජාවලිය 7:39

Sinhala Revised Old Version

ඔහු අඩි පහක් ගෘහයට දකුණු පැත්තෙන්ද පහක් ගෘහයට වම් පැත්තෙන්ද තැබුවේය. ජලාධාරය වනාහි ඔහු ගෘහයට දකුණු පැත්තෙන් පූර්ව දිශාවටත් දකුණු දිශාවටත් අතරේ තැබුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

තවද සේදීම පිණිස පිත්තල භාජන දශයක් ඔහු සෑදුවේය. එක එක භාජනයේ බාත් සතළිසක් ඇල්ලුවේය. එක එක භාජනය රියන් හතරක් පළලය. අඩි දසයෙන් එක එක අඩිය පිට භාජනයත් තිබුණේය.

තවද හීරාම් සෝදන භාජනද හැඳිද තාලිද සෑදීය. මෙසේ හීරාම් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට කළ සියලු වැඩ නිමකෙළේය.

මුහුද වනාහි ඔහු දකුණු පැත්තෙන් පූර්ව දිශාවටත් දකුණු දිශාවටත් අතරෙහි තැබුවේය.

සේදීම පිණිස ඔහු භාජන දසයක් සාදා පහක් දකුණු පැත්තේද පහක් වම් පැත්තේද තැබුවේය; දවන පූජාව සම්බන්ධ දේ එහි සෝදනලද්දේය. නුමුත් මුහුද තිබුණේ පූජකයන්ට සේදීම පිණිසය.

රන් පහන්-රුක් දසයත් ඒවායේ නියමයේ හැටියට ඔහු සාදා මාලිගාවෙහි දකුණේ පහකුත් වමේ පහකුත් තැබුවේය.

මෙසේ සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා කළාවූ සියලු වැඩ සම්පූර්ණවිය. සාලමොන් තමාගේ පියවූ දාවිත් විසින් කැපකර තිබුණු දේවල් එනම් රිදීද රන්ද සියලු භාණ්ඩද ඇතුළට ගෙනවුත් දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩාවල තැබුවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්