කණු පිට පේළියට පසළොසක් බැගින් පිහිටුවා තිබුණ කාමර සතළිස් පහ කිහිරි ලීවලින් උඩින් වසා තිබුණේය,
ඔහු මාලිගාවත් දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකරින් ගෘහයේ භිත්ති වටේට ගෘහයේ භිත්තියට යාකර මහල් ගොඩනගා වටේට කාමර සෑදුවේය.
ඔහු ලෙබනොන් වනය නම් ගෘහය ගොඩනැගීය; කිහිරි කණු පේළි සතරක්ද ඒ කණු පිට කිහිරි දැවද ඇතුව එය සාදන ලද්දේය. එහි දිග රියන් සියයක්ය, පළල රියන් පනහක්ය, උස රියන් තිහක්ය.
ජනේල තට්ටු තුනක් තිබුණේය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේය.