Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 රාජාවලිය 7:17

Sinhala Revised Old Version

කුළුනු මුදුන්පිට තිබුණු පේකඩවලට දැල් වැඩද දම්වැල් මාලා වැඩද තිබුණේය; එක පේකඩයට සතක්ද අනික් පේකඩයට සතක්ද තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

කුළුනු මුදුන් පිට තබන්ට ඔහු පිත්තල පේකඩ දෙකක් වාත්තුකර සෑදුවේය. එක පේකඩයක උස රියන් පහක්ය, අනික් පේකඩයේ උස රියන් පහක්ය.

කුළුනු මුදුන් පිට තිබුණ පේකඩ වසන පිණිස එක එක පේකඩයේ දැල් වැඩ පිට වටකරින්ම ඔහු දෙළුම් ගෙඩි පේළි දෙකක් සෑදුවේය.

එනම් කුළුනු දෙකක්ද කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙකද කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙකද,

එක එක කුළුනේ උස දහඅට රියනක්ය, ඒක පිට පිත්තල පේකඩයක් විය. පේකඩයේ උස තුන් රියනක්ය; පේකඩය පිට වටකරින් දැල් වැඩක් සහ දෙළුම් ගෙඩිත් තිබුණේය, ඒ සියල්ල පිත්තලෙන් විය. දෙවෙනි කුළුන පිටත් එයාකාරම දැල් වැඩ තිබුණේය.

පවිත්‍ර රනින් මාල දෙකක්ද සාදන්න; ඒවා ගෙතූ කර්මාන්තයෙන් ලනු මෙන් සාදා ගෙතූ මාල කෙවෙනිවලට බඳින්න.

ළය වැස්ම පිට පවිත්‍ර රනින් ලනු මෙන් ගොතනලද මාල සාදන්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්