අත්තිවාරමද මහත්වූ අනර්ඝවූ ගල්වලින් එනම් දස රියන්වූ ගල්වලින්ද අට රියන්වූ ගල්වලින්ද දමා තිබුණේය.
ඊ පිට කැපූ ගල්වල මිමිවල හැටියට අනර්ඝවූ ගල්ද කිහිරි ලීද තිබුණේය.
මේ සියල්ලම කියතෙන් ඉරා කැපූ ගල්වල මිමිවල හැටියට ඇතුළෙනුත් පිටිනුත් අත්තිවාරමේ පටන් පේකඩය දක්වාද පිටත සිට මහ මිදුල දක්වාද අනර්ඝ ගල්වලින් විය.
ඒ නිසා ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම අත්තිවාරමක් පිණිස ගලක් එනම් පරීක්ෂාකරනලද ගලක්, සවි අත්තිවාරමක්වූ අනර්ඝ කොනේ ගලක් සියොන්හි තබමි. අදහන අය ඉක්මන් නොවන්නේය.
අසරණවූ, කුණාටුවෙන් සෙලවෙන්නාවූ, සැනසිල්ලක් නැත්තාවූ තැනැත්තිය, බලව, නුඹේ ගල් අංජන කැටවලින් අල්ලා, නුඹේ අත්තිවාරම් නීලමාණික්‍යවලින් දමන්නෙමි.