Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 රාජාවලිය 6:32

Sinhala Revised Old Version

වල් ඔලීව ලීවලින් සෑදූ ඒ දොර දෙකේ ඔහු කෙරුබ්ද තල් ගස්ද පිපුණු මල්ද කැටයම්කර, රනින් වසා, කෙරුබ් හා තල් ගස් පිටත් රත්රන් ගෑවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

ගෘහයේ ඇතුළත කැකිරි වැල්ද පිපුණු මල්ද කැටයම්කළ කිහිරි ලීවලින් වසා තිබුණේය. මුළුල්ලම කිහිරි ලීය; කිසි ගලක් පෙනෙන්ට නොතිබුණේය.

ඔහු දිව්‍ය-වාක්‍යස්ථානයෙහි ඇතුළේ වල් ඔලීව ලීවලින් දස රියන බැගින් උස ඇති කෙරුබ් රූප දෙකක් සාදා තැබුවේය.

වටකර ඇතුළෙනුත් පිටිනුත් ගෘහයේ සියලු භිත්තිවල ඔහු කෙරුබ්ද තල් ගස්ද පිපුණු මල්ද කොටා කැටයම් වැඩ කෙළේය.

දිව්‍ය-වාක්‍යස්ථානයේ දොරකඩට වල් ඔලීව ලීවලින් දොරවල් සෑදුවේය. උඩ පඩිකඳ ද උළුවහු කණුද භිත්තියෙන් පහෙන් කොටසක් විය.

එසේම මාලිගාවේ දොරකඩටත් වල් ඔලීව ලී වලින් උළුවහු කණුද දේවදාර ලීවලින් දොරවල් දෙකක්ද සෑදුවේය;

පවිත්‍ර රනින් පහන් කතුරුද තලිද හැඳිද ගිනි කබල්ද සෑදෙවුවේය. ගෘහයට ඇතුල්වන තැන එනම් අති ශුද්ධස්ථානයේ ඇතුල් දොරවල්ද ගෘහයේ එනම් මාලිගාවේ දොරවල්ද රනින් විය.

ඒ කුඩා මුර-ගෙවලටත් ඒවායේ කණුවලටත් ශාලාවලටත් දොරටුවට ඇතුළෙන් වටකරින් පටු කවුළු තිබුණේය. ඇතුළතිනුත් වටකරම කවුළු තිබුණේය. කණුවලද තල්ගස් (කැටයම්කර) තිබුණේය.

කෙරුබ්ද තල් ගස්ද සාදා තිබුණේය; කෙරුබ් දෙකකට අතරේ තල්ගසක් බැගින් තිබුණේය, කෙරුබ් එකකට මුහුණු දෙකක් තිබුණේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්