Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 රාජාවලිය 6:2

Sinhala Revised Old Version

සාලමොන් රජ ස්වාමීන්වහන්සේට ගොඩනැගූ ගෘහයේ දිග රියන් සැටක්ය, පළල රියන් විස්සක්ය, උස රියන් තිහක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

තවද ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් පිටත්ව ආවාට පසු හාරසිය අසූවෙනි අවුරුද්දේ එනම් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි සාලමොන්ගේ රජකම් කිරීමේ සතරවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයවූ ශීව් මාසයේදී ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට පටන්ගත්තේය.

ගෘහයේ මාලිගාව ඉස්සරහ තිබුණු ශාලාවේ දිග ගෘහයේ පළල හැටියටම රියන් විස්සක්ව, එහි පළල ගෘහය ඉස්සරහ රියන් දසයක්ව තිබුණේය.

දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනැගීමට සාලමොන් ලූ අත්තිවාරම මේය. පළමු තිබුණ රියන් මිම්මේ හැටියට දිග හැට රියනක්ය, පළල විසි රියනක්ය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්