ඔහු ගෘහයේ ඉතා ඇතුල් කොට්ඨාසයෙන් රියන් විස්සක් දිගට බිමෙහි සහ භිත්තිවලත් කිහිරි ලෑලි ඇල්ලුවේය. ඇතුළතින් ඔහු ඒක දිව්‍ය-වාක්‍යස්ථානයක් වන අති ශුද්ධස්ථානය කොට සෑදුවේය.
ඊට ඉදිරිපිටවූ ගෘහය එනම් මාලිගාව සතළිස් රියනක් දිගය.
ඔහු මාලිගාවත් දිව්‍ය-වාක්‍යස්ථානයත් වටකරින් ගෘහයේ භිත්ති වටේට ගෘහයේ භිත්තියට යාකර මහල් ගොඩනගා වටේට කාමර සෑදුවේය.
ඔහු විනිශ්චයකරන පිණිස සිංහාසනයේ ශාලාව වන අධිකරණ ශාලාවත් සෑදුවේය. එය බිම පටන් උඩ තට්ටුව දක්වා කිහිරි ලීවලින් වසන ලද්දේය.
පූජකයෝ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අති ශුද්ධස්ථානය වන ගෘහයේ දිව්‍ය-වාක්‍යස්ථානයට ගෙනැවිත් කෙරුබ්වරුන්ගේ පියාපත් යට ඒකේ ඉඩමෙහි තැබුවෝය.
ඔහු අති ශුද්ධ ගෘහයක් සෑදුවේය; ඒකේ දිග ගෘහයේ පළල ලෙසම විසි රියනක්ය, ඒකේ පළලත් විසි රියනක්ය. ඔහු එය හොඳ රන් තලෙන්ත හසියයකින් පමණ වැසුවේය.
මණ්ඩපයේ පසු පැත්තෙහි කොන්වලට ලෑලි දෙකක් සාදන්න.
ඔහු මාළිගාවට ඉදිරිපිටින් ඒකේ දිගට රියන් විස්සක්ද පළලට රියන් විස්සක්ද මැන: මෙය අති ශුද්ධස්ථානයයයි මට කීවේය.
ඒ මිම්මෙන් විසිපන් දහසක් දිගද දසදහසක් පළලද ඇති ඉඩමක් මනින්න. ඒක තුළ ශුද්ධස්ථානය වන අති ශුද්ධස්ථානය වන්නේය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: නුඹේ සහෝදරවූ ආරොන් නොනස්නා පිණිස තිරය ඇතුළතින් ශුද්ධස්ථානයෙහි පෙට්ටිය පිට තිබෙන කරුණාසනය ඉදිරියට නිතරම ඇතුල් නොවන ලෙස ඔහුට කියන්න. මක්නිසාද මම කරුණාසනය මතුයේ වලාකුළෙහි පෙනෙන්නෙමි.
ඊට ශුද්ධස්ථානයයි කියනලදී. දෙවෙනි තිරය ඇතුළෙන් අති ශුද්ධස්ථානයයයි කියනලද මණ්ඩපය තිබුණේය.