Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 රාජාවලිය 6:14

Sinhala Revised Old Version

මෙසේ සාලමොන් ගෘහය ගොඩනගා නිමකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

එකොළොස්වෙනි අවුරුද්දේ අටවෙනි මාසය වන බූල් මාසයේදී ගෘහය එහි සියලු කොට්ඨාස ඇතුළුව එහි නියම මුළු විධියට නිම කරනලද්දේය. මෙසේ ඔහු සත් අවුරුද්දක් එය ගොඩනැගීමේ යෙදී සිටියේය.

මෙසේ ඔහු ගෘහය තනා නිමකෙළේය; ඔහු ගෘහය කිහිරි දැවවලින්ද ලෑලිවලින්ද වැසුවේය.

මෙලෙස සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා කෙරෙවු සියලු වැඩ නිමවිය. සාලමොන් තමාගේ පියවූ දාවිත් විසින් කැපකළදේ එනම් රිදීද රන්ද බඩුද ඇතුළට ගෙනවුත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවල තැබුවේය.

සාලමොන් තමා ස්වාමීන්වහන්සේට ගොඩනැගූ පූජාසනය පිට අවුරුද්දට තුන් වරක් දවන පූජාද ශාන්ති පූජාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබුණු පූජාසනය පිට සුවඳ දුම්ද ඔප්පුකළේය. මෙසේ ඔහු ගෘහය සාදා නිමකෙළේය.

ඔහු මණ්ඩපය හා පූජාසනය වටේට මළුව පිහිටුවා මළුවේ දොරකඩ කඩතුරාව තැබීය. මෙසේ මෝසෙස් වැඩ නිමකෙළේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්