1 රාජාවලිය 6:12Sinhala Revised Old Versionනුඹ ගොඩනගන මේ ගෘහය ගැන වනාහි, නුඹ මාගේ පනත්වල හැසිර මාගේ විනිශ්චයවල් ඉෂ්ටකර මාගේ සියලු ආඥා පවත්වමින් ඒ ප්‍රකාර හැසිරෙන්නෙහිනම්, නුඹේ පියවූ දාවිත්ට මා විසින් කී මාගේ වචනය නුඹට ඉෂ්ටකරන්නෙමි. පරිච්ඡේදය බලන්න |
එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ස්වකීය මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට ඔබ කථාකොට: නුඹ මා ඉදිරියෙහි හැසුරුණාක් මෙන් නුඹේ දරුවෝ මා ඉදිරියෙහි හැසිරෙන පිණිස තමුන්ගේ මාර්ගය ගැන ප්‍රවේසම්වන්නෝ නම්, ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිදීමට මා ඉදිරියෙහි නුඹට කෙනෙක් නැතුව නොයන්නේය කියා ඔබ කී කාරණය ඔහුට ඉෂ්ටකරදුන මැනව.
සාලමොන්, මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක. නුඹ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹට සම්බවෙනවා ඇත; නුමුත් නුඹ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ නුඹ සදාකාලයටම අහක දමනවා ඇත.