ඔහු මාසයකට දසදහසක් බැගින් වාර පිළිවෙළින් ඔවුන් ලෙබනොන්ට යැවීය. ඔව්හු එක මසක් ලෙබනොන්හිද දෙමසක් ගෙදරද සිටියෝය. අදොනිරාම් වනාහි රාජකාරියේ මුලාදෑනියා විය.
ෂෙබායේ බිසව ස්වාමීන්වහන්සේගේ නාමයේ හේතුවෙන් සාලමොන්ට තිබෙන කීර්තිය අසා ගූඪ ප්‍රශ්නවලින් ඔහු පරීක්ෂාකරන පිණිස ආවාය.
එවිට රෙහොබොවම් රජ රාජකාරියේ මුලාදෑනියාවූ අදොරාම් යැවීය; සියලු ඉශ්‍රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහු මැරුවෝය. එවිට රෙහොබොවම් රජ යෙරුසලමට පලායන පිණිස ඉක්මනින් රථයට නැගුණේය.
එවිට රෙහොබොවම් රජ රාජකාරියේ මුලාදෑනියාවූ හදොරාම් යැවුවේය; ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔහුට ගල්ගසා ඔහු මැරුවෝය. එවිට රෙහොබොවම් රජ යෙරුසලමට පලායන පිණිස ඉක්මනින් රථයට නැගුණේය.