මාකශ්හිද ෂයාල් බිම්හිද බෙත්-ෂෙමෙෂ්හිද ඒලොන්-බෙන්-හානාන්හිද සිටිය බෙන්-දෙකෙර්ය.
බාලා සිට බස්නාහිරට හැරී සේයිර් කන්දටද, එතනින් කෙසාලොන් වන යෙයාරීම් කන්දට උතුරු පැත්තෙන්ද ගොස් බෙත්-ෂෙමෙෂ්ට බැස, තිම්නාට ගියේය.
ෂාලබ්බීන්ද ආයාලොන්ද ඉත්ලාද,
ඒලොන්ද තිම්නාද එක්‍රොන්ද,
ආයින් සහ එහි පිට-බිම්ද යුත්තා සහ එහි පිට-බිම්ද බෙත්-ෂෙමෙෂ් සහ එහි පිට-බිම්ද යන මේ නුවරවල් නවය ඒ ගෝත්‍ර දෙකෙන් දුන්නෝය.
අමෝරිවරු හෙරෙස් කන්දේද අයාලොන්හිද ෂාල්බීම්හිද වාසයකරන්ටම කැමතිව සිටියෝය. එසේ වුවත් යෝසෙප්ගේ වංශයේ අත බලවත්ව තිබුණු බැවින් ඔව්හු බර වැඩට යටත් වුණෝය.
එළදෙන්නු බෙත්-ෂෙමෙෂ්ට කෙළින් යන පාරේ ගියෝය; දකුණටවත් වමටවත් නොහැරී කෑගසගසා ඒ මාවත දිගේම ගියෝය; පිලිස්තිවරුන්ගේ අධිපතියෝද බෙත්-ෂෙමෙෂ්හි සීමාව දක්වා උන් පස්සේ ගියෝය.
බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයෝ කථාකොට: ස්වාමීන්වහන්සේ එනම් මේ ශුද්ධ දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින්ට කාට පුළුවන්ද? උන්වහන්සේ අප වෙතින් කා වෙතට යවමුදැයි කීවෝය.
බලාසිටින්න. ඉදින් ඒකේ සීමාවට යන මාර්ගයෙන් බෙත්-ෂෙමෙෂ්ට ගියොත්, මේ මහත් විපත්තිය අපට සිදුකළේ උන්වහන්සේ බව එයින් පෙනෙයි, නැත්නම් අපට පහර දුන්නේ උන්වහන්සේගේ හස්තය නොව ඒක ඉබේම අපට පැමුණුණ බව අපට පෙනෙනවා ඇතැයි කීවෝය.