මක්නිසාද ඔහු තිප්සා පටන් ගාශා දක්වාම ගංගාවෙන් මෙගොඩ තිබෙන මුළු දේශයද ගංගාවෙන් මෙගොඩ සියලු රජුන්ද කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔහු අවට සෑම දිශාවලද ඔහුට සමාදානය තිබුණේය.
කානාන්ගේ සීමාව ශීදොන් පටන් ගෙරාර් පිහිටි අතට ගාශා දක්වාද සොදොම්, ගොමොරා, අද්මා සහ ශෙබොයිම් යන මේවා පිහිටි අතට ලාෂා දක්වාද විය.
සාලමොන් වනාහි ප්‍රාත් ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සියලු රාජ්‍යවල් කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔව්හු කප්පන් ගෙනැත්දී සාලමොන්ගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට සේවයකළෝය.
මුවන්ද තිත්මුවන්ද රතුමුවන්ද තරකළ පක්ෂීන්ද හැර තර හරක් දසදෙනෙකුත් කෙතේ හරක් විසි දෙනෙකුත් බැටළුවන් සියයකුත්ය.
නුමුත් දැන් මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හැම අතින් ම මට නිශ්චලතාව දී තිබේ; එදිරිකාරයෙක්වත් අශුභ සිද්ධියක්වත් නැත්තේය.
නුමුත් නුඹට උපදින පුත්‍රයෙක් ශාන්තදාන්ත මනුෂ්‍යයෙක් වන්නේය; හාත්පසින්ම ඔහුගේ සියලු සතුරන්ගෙන් ඔහුට නිදහස දෙන්නෙමි. එසේය, ඔහුගේ නාමය සාලමොන් වන්නේය, ඔහුගේ දවස්වලදී ඉශ්‍රායෙල්ට සමාදානයද නිශ්චලතාවද දෙන්නෙමි.
ඔහු ගංගාවේ පටන් පිලිස්තිවරුන්ගේ දේශය සහ මිසරයේ සීමාව දක්වා සිටිය සියලු රජවරුන් කෙරෙහි ආණ්ඩුකෙළේය.
එසේය, සියලු රජවරු උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නෝය. සියලු ජාතීහු උන්වහන්සේට මෙහෙකරන්නෝය.
කඳුද හෙල්ද ධර්මිෂ්ඨකමින් සෙනඟට සමාදානය හටගන්වන්නේය.
මෙතැන් පටන් සදාකාලයටම දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ස්ථිරකර පිහිටුවන පිණිස ඒවා කෙරෙහි උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය. සේනාවල ස්වාමීන්වහන්සේගේ ජවලිතය මෙය ඉෂ්ටකරන්නේය.
ඵාරාවෝ ගාසාට පහරදෙන්ට පළමුවෙන් පිලිස්තිවරුන් ගැන අනාගතවක්තෘවූ යෙරෙමියා වෙතට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.
ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය.
යූදා වනාහි ගාසා හා එහි පළාතද අෂ්කෙලොන් හා එහි පළාතද එක්‍රොන් හා එහි පළාතද අල්ලාගත්තේය.
සම්සොන් ගාසාට ගොස් එහි වේශ්‍යා ස්ත්‍රියක් දැක ඈ වෙත ගියේය.