Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 රාජාවලිය 4:1

Sinhala Revised Old Version

සාලමොන් රජු මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජව සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

14 හුවමාරු යොමු  

යෝවාබ් මුළු ඉශ්‍රායෙල් සේනාවට අධිපතියාය. යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ටත් පෙලෙතිවරුන්ටත් අධිපතියාය.

ඔහු හෙබ්‍රොන්හි යූදාවරුන් කෙරෙහි රජකම්කළේ සත් අවුරුදු හමාසයක්ය, යෙරුසලමේ ඔහු සියලු ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද කෙරෙහි රජකම්කළේ තිස්තුන් අවුරුද්දක්ය.

දාවිත් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ටකෙළේය.

නුමුත් මුළු රාජ්‍යය පැහැර නොගෙන මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මා විසින් තෝරාගත් යෙරුසලම නිසාත් නුඹේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමියි කීසේක.

රෙහොබොවම් රජ තමාගේ පියවූ සාලමොන් ජීවත්ව සිටියදී ඔහු ඉදිරියෙහි සිටි වැඩිමහල්ලන් සමඟ මන්ත්‍රණය කරමින්: මේ සෙනඟට උත්තරදෙන පිණිස නුඹලා මට දෙන දැනමුතුකම කුමක්දැයි ඇසුවේය.

රජු විසින් කළ විනිශ්චය සියලු ඉශ්‍රායෙල්වරු අසා, යුක්තිය සිදුකිරීමට දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ඔහු තුළ තිබෙන බව දැක, රජු කෙරෙහි භයවූවෝය.

ඔහුට සිටි අධිපතීහු මොව්හුය: ශාදොක්ගේ පුත්‍රවූ අශරියා පූජකයාය;

යුද්ධ පිළිවෙළට පැමිණෙන්ට පුළුවන්වූ මේ සියලු යුද්ධකාරයෝ සියලු ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි දාවිත් රජකමට පත්කිරීමට සම්පූර්ණ සිතින් හෙබ්‍රොන්ට ආවෝය. අනික් සියලු ඉශ්‍රායෙල්වරුත් දාවිත් රජකමට පත්කිරීමට එක්සිත්ව සිටියෝය.

එවිට සාලමොන් ගිබියොන්හි උස්තැන තිබුණ සම්මුඛවීමේ කූඩාරම වෙතින් යෙරුසලමට ආවේය; ඔහු ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කෙළේය.

සාලමොන් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි යෙරුසලමෙහි හතළිස් අවුරුද්දක් රජකම්කෙළේය.

ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල් රජවූ සාලමොන් මේ දේ කිරීමෙන් පව්කළා නොවේද? බොහෝ ජාතීන් අතරේ ඔහුට සමාන රජෙක් සිටියේ නැත, ඔහුගේ දෙවියන්වහන්සේද ඔහුට ප්‍රේමකොට මුළු ඉශ්‍රායෙල් කෙරෙහි ඔහු රජකළසේක. එසේ වී නුමුත් ඔහු පවා අන්‍ය ජාතී ස්ත්‍රීන් විසින් පව්කරන්ට සලස්වනලද්දේය.

දේශනාකාරයා වන මම ඉශ්‍රායෙල් කෙරෙහි යෙරුසලමෙහි රජව සිටියෙමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්