Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 රාජාවලිය 3:6

Sinhala Revised Old Version

සාලමොන් කථාකොට: ඔබගේ මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත් ඔබ ඉදිරියෙහි සැබෑකමෙන්ද ධර්මිෂ්ඨකමෙන්ද ඔබ සමඟ සිතේ අවංකකමින්ද හැසුරුණු පරිද්දෙන් ඔබ ඔහුට මහත්වූ කරුණාව පෙන්වූසේක; තවද අද තිබෙන හැටියට ඔහුගේ සිංහාසනය පිට හිඳින්ට ඔහුට පුත්‍රයෙකු දීමෙන් මේ මහත් කරුණාවත් ඔබ ඔහුට දෙන්ට ඉතුරුකරගන සිටිසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

24 හුවමාරු යොමු  

එවිට ඔහු මට කථාකොට: මා සේවය කරන්නාවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ දූතයා නුඹ සමඟ යවා නුඹේ ගමන සඵලකරනසේක; නුඹ මාගේ පුත්‍රයාට මාගේ නෑයන්ගෙන්ද මාගේ පියාණන්ගේ ගෙයින්ද භාර්යාවක් ගන්න.

ස්වාමීන්වහන්සේ මාගේ ධර්මිෂ්ඨකම ලෙස මට විපාක දුන්සේක. මාගේ අත්වල පිරිසිදුකම ලෙස මට ප්‍රතිඵල දුන්සේක.

එබැවින් ස්වාමීන්වහන්සේ මාගේ ධර්මිෂ්ඨකම ලෙසත් උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහිවූ මාගේ පිරිසිදුකම ලෙසත් මට ප්‍රතිඵල දුන්සේක.

නුඹ ගොස්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි මාගේ මෙහෙකරුවූ දාවිත්ට කියන්න–මාගේ වාසස්ථානය කොට නුඹ මට ගෘහයක් ගොඩනගන්නෙහිද?

තවද රජ කථාකොට: මාගේ ඇස්වලින් දකින හැටියට අද මාගේ සිංහාසනයෙහි හිඳගැනීමට කෙනෙකු දුන්නාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවයි කීයේයයි අදොනියාට කීවේය.

මක්නිසාද හිත්තීය උරියාගේ කාරණය ගැන මිස ස්වාමීන්වහන්සේ දාවිත්ට අණකළ කිසි දෙයකින් ඔහු තමාගේ ජීවිතයේ සියලු දවස්වල අහක්ව නොගොස් උන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිව තිබුණු දේවල්ම කෙළේය.

මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන හැටියට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේගේ පනත්ද ආඥාද විනිශ්චයයන්ද ශික්ෂාද රක්ෂාකරමින් උන්වහන්සේගේ නියමය පවත්වන්න.

ඉදින් නුඹේ පියවූ දාවිත් හැසුරුණාක්මෙන් නුඹ මාගේ පනත්ද ආඥාද රක්ෂාකරමින් මාගේ මාර්ගවල හැසිරෙන්නෙහිනම් නුඹේ දවස්ද වැඩිකරන්නෙමියි ඔහුට කීසේක.

ඉතින් නුඹේ පියවූ දාවිත් හැසුරුණාක් මෙන් නුඹ මා ඉදිරියෙහි සිතේ ඇද නැතිකමින්ද අවංකකමින්ද හැසිරෙමින්, මා විසින් නුඹට අණකළ සියල්ලේ ප්‍රකාරයට කර, මාගේ පනත්ද විනිශ්චයවල්ද පවත්වන්නෙහි නම්,

අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කළ බව සිහිකළ මැනවයි කියා අතිශයින් ඇඬුවේය.

සාලමොන්ද: ඔබ මාගේ පියවූ දාවිත්ට මහත් කරුණාව පෙන්වමින් ඔහු වෙනුවට මා රජකොට පත්කළසේක.

මාගේ ආත්මය, තාගේ නිවාඩුවට හැරී යව; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹට බොහෝසේ යහපත්කම් කළසේක.

මා ජීවත්වන පිණිස ඔබගේ මෙහෙකරුවාට බොහෝසේ යහපත්කම් කළ මැනව; එවිට ඔබගේ වචනය පවත්වන්නෙමි.

ස්වාමීන්වහන්සේ මට යහපත්කම් කළ නිසා උන්වහන්සේට ගායනාකරන්නෙමි.

අවංකලෙස හැසිරෙන්නාවූ, ධර්මිෂ්ඨකම් කරන්නාවූ, සිතින් සැබෑව කියන්නාවූ තැනැත්තේය.

මාගේ මෙහෙකරුවූ මෝසෙස් එසේ නොවේ; ඔහු මාගේ මුළු ගෘහයෙහි ඉතා විශ්වාසිකය.

මෙසේ නුඹලා සියලු ත්‍යාගවන්තකමට සියලු ආකාරයෙන් පොහොසත් වන්නහුය, එය අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ස්තුති උපදවන්නේය.

එබැවින් කලින් පොරොන්දු වුණාවූ නුඹලාගේ දීමනාව බලාත්කාරයෙන් ගැනීමක් මෙන් නොව ත්‍යාගවත් දීමනාවක්ව තිබෙන පිණිස කලින් නුඹලා වෙතට ඇවිත් එය පිළියෙළ කරන ලෙස ඒ සහෝදරයන්ගෙන් ඉල්ලන්ට යුතුයයි සිතුවෙමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්