එවිට රජ කථාකොට: එක් තැනැත්තියක්–මේ ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේය, මළ පුත්‍රයා නුඹේය කියාත්, අනික් තැනැත්තී–නැත, මළ දරුවා නුඹේය, ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේය කියාත් කියනවාය.
අනික් ස්ත්‍රීද: නැත; ජීවමාන පුත්‍රයා මාගේය, මළ පුත්‍රයා නුඹේයයි කීවාය. මෑද: නැත; මළ පුත්‍රයා නුඹේය, ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේයයි කීවාය. මෙසේ ඔව්හු රජු ඉදිරියෙහි විවාදකළෝය.
මට කඩුවක් ගෙනෙන්නැයි කීවේය. රජු ඉදිරියට කඩුවක් ගෙනෙනලද්දේය.
ධර්මිෂ්ඨයාගේ සිත උත්තරදෙන පිණිස විමසා බලයි; එහෙත් දුෂ්ටයාගේ මුඛය නපුරුකම් වගුරුවයි.