උදය මාගේ දරුවාට කිරිදෙන්ට නැගුටුණු විට ඔහු මැරී උන්නේය. නුමුත් මා උදය ඔහු විමසා බැලූ විට ඔහු මා බිහිකළ මාගේ පුත්‍රයා නොවන බව දැනගතිමියි කීවාය.
තවද: සාරා දරුවන්ට කිරිදෙනවා ඇතැයි ආබ්‍රහම්ට කියන්ට සිතුවේ කවුද? මක්නිසාද මම ඔහුට ඔහුගේ මහලු වයසෙහිදී පුත්‍රයෙකු වැදුවෙමියි ඈ කීවාය.
ඈ මධ්‍යම රාත්‍රියෙහි නැගිට ඔබගේ මෙහෙකාරී නිදාගන ඉන්දැද්දී මාගේ පුත්‍රයා මා ළඟින් රැගෙන ඇගේ ළයෙහි තබාගෙන, මළාවූ ඇගේ දරුවා මාගේ ළයෙහි තැබුවාය.
අනික් ස්ත්‍රීද: නැත; ජීවමාන පුත්‍රයා මාගේය, මළ පුත්‍රයා නුඹේයයි කීවාය. මෑද: නැත; මළ පුත්‍රයා නුඹේය, ජීවත්ව ඉන්න පුත්‍රයා මාගේයයි කීවාය. මෙසේ ඔව්හු රජු ඉදිරියෙහි විවාදකළෝය.
ඇගේ පුරුෂයාවූ එල්කානා: නුඹට යහපත්ව පෙනෙන දේ කරන්න; ඔහු කිරිවරන තුරු නවතින්න; නුමුත් ස්වාමීන්වහන්සේ තමන්ගේ වචනය ඉෂ්ටකරන සේක්වයි ඈට කීවේය. මෙසේ ඒ ස්ත්‍රී නැවතී තමාගේ පුත්‍රයා කිරිවරන තුරු ඔහුට කිරි දුන්නාය.