Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 රාජාවලිය 22:41

Sinhala Revised Old Version

ඉශ්‍රායෙල් රජවූ ආහබ්ගේ සතරවෙනි අවුරුද්දේදී ආසාගේ පුත්‍රවූ යෙහෝෂාපාට් තෙමේ යූදා කෙරෙහි රජවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

ආසා තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ පියවූ දාවිත්ගේ නුවර තමාගේ පියවරුන් ළඟ තැන්පත්කරනු ලැබීය. ඔහුගේ පුත්‍රවූ යෙහෝෂාපාට් ඔහු වෙනුවට රජ වුණේය.

තුන්වෙනි අවුරුද්දේ යූදාහි රජවූ යෙහෝෂාපාට් ඉශ්‍රායෙල් රජු ළඟට ආයේය.

මෙසේ ආහබ් තමාගේ පියවරුන් සමඟ සැතපුණේය; ඔහුගේ පුත්‍රවූ අහසියා ඔහු වෙනුවට රජ වුණේය.

යෙහෝෂාපාට් රජවෙන කල අවුරුදු තිස් පහක් වයස්ව සිටියේය; ඔහු යෙරුසලමේ විසි පස් අවුරුද්දක් රජකම් කෙළේය. ඔහුගේ මවුගේ නම අසූබාය, ඈ ෂිල්හීගේ දුවය.

සාලමොන්ගේ පුත්‍රයා රෙහොබොවම්ය, ඔහුගේ පුත්‍රයා අබියාය, ඔහුගේ පුත්‍රයා ආසාය, ඔහුගේ පුත්‍රයා යෙහෝෂාපාට්ය;

ඔහුගේ පුත්‍රවූ යෙහෝෂාපාට් ඔහු වෙනුවට රජවී ඉශ්‍රායෙල්ට විරුද්ධව තමාගේ බලය පිහිටුවාගත්තේය.

යෙහෝෂාපාට් යූදා කෙරෙහි රජකම්කෙළේය. ඔහු රජවෙනකල අවුරුදු තිස්පහක් වයස්ව සිටියේය; ඔහු යෙරුසලමෙහි විසිපස් අවුරුද්දක් රජකම්කෙළේය. ඔහුගේ මෑණියන්ගේ නම අසූබාය, ඈ ෂීල්හිගේ දුවය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්