මීකායා කැඳවාගන එන්ට ගිය පණිවිඩකාරයා ඔහුට කථාකොට: බලව, ප්‍රොපේතවරුන්ගේ වචන එකලෙස රජු ගැන යහපත පවසති. නුඹේ වචනයත් ඔවුන්ගෙන් එක්කෙනෙකුගේ වචනය මෙන් වෙන පිණිස යහපත කියන්නැයි කීවේය.
ප්‍රොපේතවරුන් සියල්ලෝ එලෙසම අනාගතවාක්‍ය කියමින්: රාමොත්-ගිලියද්ට ගොස් ජයගත මැනවි. මක්නිසාද ස්වාමීන්වහන්සේ එය රජු අතට පාවාදෙනසේකැයි කීවෝය.
මීකායා: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ස්වාමීන්වහන්සේ මට කියන දෙයම කථාකරන්නෙමියි කීවේය.
ඔහු කථාකොට: දෙවියන්වහන්සේට මතකනැතිවිය; උන්වහන්සේ මුහුණ සඟවාගන්නාසේක; උන්වහන්සේ කිසිකලෙක එය නොදක්නේයයි සිතින් කියයි.
මම ස්වාමීන් සරණ කොට ගනිමි. පක්ෂියෙකු මෙන් නුඹේ කන්දට පලායවයි මාගේ ආත්මයට නුඹලා කෙසේ කියවුද?
අඥානයා: දෙවිකෙනෙක් නැතැයි සිතින් කීය. ඔව්හු දුශ්චරිතයෙහි සිටිති, ඔව්හු පිළිකුල් ක්‍රියා කළෝය; යහපත කරන්නෙක් නැත.
මේවා නුඹ කෙළෙහිය, මමද නිශ්ශබ්දව සිටියෙමි; මමත් සියලු ආකාරයෙන් නුඹට සමානයයි සිතුයෙහිය. එහෙත් නුඹට තරවටුකරන්නෙමි, නුඹේ ඇස් හමුවෙහි ඒවා පිළිවෙළින් තබන්නෙමියි කියනසේක.
ඔව්හු තමුන්ගේ දුෂ්ටකමෙන් රජුද තමුන්ගේ බොරුවලින් අධිපතීන්ද ප්‍රසන්නකරති.
සුළඟද වංචාවද ඇතුව ඇවිදින මනුෂ්‍යයෙක්: මම මුද්‍රිකපානයත් සුරාපානයත් ගැන නුඹට අනාගතවාක්‍ය පවසන්නෙමියි කියා බොරු කියන්නේ නම්, ඔහු මේ සෙනඟගේ අනාගතවක්තෘ වන්නේය.