එවිට ප්‍රොපේත තෙම පිටත්ව තමාගේ හිස්කඩ ඇස් වසා බැඳ, වෙස්මාරුකරගන, රජ එන තෙක් මග බලා සිටියේය.
එවිට යෝවාබ් තෙකෝවායෙන් නුවණක්කාර ස්ත්‍රියෙක් ගෙන්වාගන ඈට කථාකොට: නුඹ වැලපෙන්නාක්මෙන් වැලපීමේ වස්ත්‍ර හැඳ, තෙල් නොගා, මැරුණ කෙනෙකු ගැන බොහෝ කල් වැලපුණු ස්ත්‍රියෙක් මෙන් වී,
යෙරොබොවම් තමාගේ භාර්යාවට කථාකොට: නුඹ යෙරොබොවම්ගේ භාර්යාව බව නොදැනෙන හැටියට වෙස්වලා පිටත්වී ෂීලෝට යන්න; මා මේ සෙනඟ කෙරෙහි රජ වන්නේයයි මා ගැන කීවාවූ අහියා අනාගතවක්තෘ එහි සිටියි.
තවත් මනුෂ්‍යයෙකුට ඔහු සම්මුඛවී: මට ගසන්නැයි කීවේය. ඒ මනුෂ්‍යයා ඔහුට ගසා, එසේ ගැසීමෙන් තුවාලකෙළේය.
එවිට ඔහු වහාම හිස්කඩ තමාගේ ඇස්වලින් ඉවත්කෙළේය; එවිට ඔහු ප්‍රොපේතවරයෙක් බව ඉශ්‍රායෙල් රජ හැඳිනගත්තේය.
ඉශ්‍රායෙල් රජ යෙහෝෂාපාට්ට කථාකොට: මම වෙස් මාරුකරගන යුද්ධයට පැමිණෙමි; නුමුත් ඔබ ඔබගේම වස්ත්‍ර පැළඳගත මැනවැයි කීවේය. එසේ ඉශ්‍රායෙල් රජ වෙස් මාරුකරගන යුද්ධයට ගියේය.
තවද නුඹලා නිරාහාරයෙන් ඉන්න කල්හි වංචාකාරයන් මෙන් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටින්න. ඔව්හු නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණු විරූප කරගනිති. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ.