ඔහුද: ඔවුන් සමාදානය පිණිස ආ නුමුත් පණපිටින් අල්වාගන්න, යුද්ධය පිණිස ආ නුමුත් පණපිටින් අල්වාගන්නැයි කීවේය.
ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ පළමුකොට පිටතට ගියෝය; බෙන්-හදද් විභාගකෙරෙවු විට: සමහර මිනිස්සු සමාරියෙන් පිටතට ආවෝය කියා ඔහුට දන්වනලද්දේය.
මෙසේ ජනපදවල අධිපතීන්ගේ සේවකයෝද ඔවුන් අනුව ගිය සේනාවද නුවරින් පිටතට ගොස්,
විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය.
අබිමෙලෙක් ඔහු පස්සේ එළවාගන ගියේය, ඔහුද ඔහු ඉදිරියෙන් පළාගියේය, නුවර දොරකඩට පැමිණෙන තුරු බොහෝ දෙනෙක් මැරුම්කා වැටුණෝය.
තවද පිලිස්තියයා: මා ළඟට වර, මම තාගේ මස් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ මෘගයන්ටත් දෙන්නෙමියි දාවිත්ට කීවේය.