ඉරමුදුන් වේලේ ඔව්හු පිටතට ගියෝය. එහෙත් බෙන්-හදද් වනාහි තමාට උපකාරකරන රජවරුන් තිස් දෙනාත් සමඟ මත්වෙන තරම් කූඩාරම්වල බිබී හුන්නේය.
ඇරත් හනානීගේ පුත්‍රවූ යේහු අනාගතවක්තෘ අතින් ස්වාමීන්වහන්සේගේ වචනය බාෂාටත් ඔහුගේ වංශයටත් විරුද්ධව පැමුණුණේ ඔහු යෙරොබොවම්ගේ වංශයට සමානවෙන හැටියට තමාගේ අත් වැඩවලින් ස්වාමීන්වහන්සේ කෝපකරවමින් උන්වහන්සේගේ ඇස් හමුවෙහි කළාවූ සියලු නපුරුකම් නිසාත් ඔහු ඒ වංශය නැසූ නිසාත්ය.
ඔහුගේ රථවලින් දෙකෙන් කොටසකට අධිපතියාව සිටි ඔහුගේ සේවකවූ සිම්රි ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහු තිර්ශාහි ගෙදර ප්‍රධානියාවූ අරිශාගේ ගෙයිදී බීමත්වී සිටින අතර,
එවිට ආහබ් ජනපදවල අධිපතීන්ගේ සේවකයන් රැස්කෙළේය, ඔව්හු දෙසිය තිස් දෙදෙනෙක් වූහ. ඔවුන්ට පසුව ඔහු මුළු සෙනඟ වන සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ද රැස්කෙළේය, ඔව්හු සත් දහසක් වූහ.
ජනපදවල අධිපතීන්ගේ සේවකයෝ පළමුකොට පිටතට ගියෝය; බෙන්-හදද් විභාගකෙරෙවු විට: සමහර මිනිස්සු සමාරියෙන් පිටතට ආවෝය කියා ඔහුට දන්වනලද්දේය.
සිරියේ රජු තමාගේ රථාධිපතීන් තිස්දෙදෙනාට කථාකොට: නුඹලා ඉශ්‍රායෙල් රජුට විරුද්ධව මිස ලොකු කුඩා වෙන කිසිවෙකුට විරුද්ධව සටන් නොකරන්නැයි අණකර තිබුණේය.
මුද්‍රිකපානය සරදම්කරන්නෙක්ය, මද්‍යපානය කෝලාහලකාරයෙක්ය; එයින් වැනෙන කවුරු නුමුත් ඥානවන්ත නොවෙයි.
මුද්‍රිකපානය බීමට සමර්ථවූ, සුරා මිශ්‍ර කිරීමට ධෛර්යමත් මනුෂ්‍යයෝවූ,
මෙන්න, මාගේ සංඥාවක් නැතුව මනුෂ්‍යයන් රැස්වෙනවා ඇත. නුඹට විරුද්ධව එකතුවෙන කවුරු නුමුත් නුඹ නිසා වැටෙන්නෝය.
වේශ්‍යාකමද මුද්‍රිකපානයද මිදියුසද නිසා සිහිය පහවයන්නේය.
එබැවින් ඔවුන් වහල්කමට යන්නන් අතරෙහි පෙරටුවෙන් යනවා ඇත, දිගාවී ඉන්නන්ගේ ඝෝෂාවද පහවයන්නේය.