මෙසේ රජ යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාට අණකෙළේය; ඔහු පිටතට ගොස් ඔහුට ගසා මැරුවේය. මෙසේ රජකම සාලමොන් අතේ ස්ථිර විය.
සාලමොන් තමාගේ පියවූ දාවිත්ගේ සිංහාසනය පිට වැඩඋන්නේය; ඔහුගේ රජකමද බොහෝ සෙයින් ස්ථිරවුණේය.
සාලමොන් රජ යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා යැවීය; ඔහු ඔහුට ගසා මැරුවේය.
එවිට යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා ගොස් ඔහුට ගසා ඔහු මැරුවේය; ඔහු කාන්තාරයෙහි තිබුණ තමාගේම ගෙයි තැන්පත්කරනු ලැබීය.
නුමුත් සාලමොන් රජ ආශීර්වාද ලබන්නේය, දාවිත්ගේ සිංහාසනයද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සදාකාලේටම පිහිටුවනු ලබන්නේයයි කීවේය.
දාවිත්ගේ පුත්‍රවූ සාලමොන් තමාගේ රජකමෙහි ස්ථිරවිය, ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතාම උසස් කළසේක.
දුෂ්ටයා රජු ඉදිරියෙන් පහකරන්න, එවිට ඔහුගේ සිංහාසනය ධර්මිෂ්ඨකමෙන් ස්ථිරවෙයි.
රජ තෙමේ යුක්තියෙන් දේශය ස්ථිරකරයි; එහෙත් බලෙන් තෑගි ලබාගන්න මනුෂ්‍යයා ඒක පෙරළාදමයි.