Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 රාජාවලිය 2:28

Sinhala Revised Old Version

ඒ කාරණය යෝවාබ්ට සැලවිය. මක්නිසාද යෝවාබ් අහක්ව අබ්සලොම් අනුව නොගිය නුමුත් අදොනියා අනුව ගියේය. එවිට යෝවාබ් ස්වාමීන්වහන්සේගේ මණ්ඩපයට පලාගොස් පූජාසනයේ අං අල්ලාගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

තවද අබ්සලොම්ද යෝවාබ් වෙනුවට අමාසා සේනාපතියා කෙළේය. අමාසා වූකලී නාහාෂ්ගේ දුවක්වද යෝවාබ්ගේ මවුවූ ශෙරුයාගේ සහෝදරියක්වද සිටි අබිගායිල් කරා පැමුණුණු ඉත්රා නම් ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙකුගේ පුත්‍රයාය.

තවද දාවිත් සෙනඟගෙන් තුනෙන් කොටසක් යෝවාබ් යටතේද තුනෙන් කොටසක් ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ගේ සහෝදරවූ අබිෂයි යටතේද තුනෙන් කොටසක් ගිත්තිය ඉත්තයි යටතේද පිටත්කර හැරියේය.

අදොනියා සාලමොන්ට භයින් නැගිට ගොස් පූජාසනයේ අං අල්ලාගත්තේය.

ඔහු ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් සහ අබියාතර් පූජකයා සමඟ මන්ත්‍රණයකෙළේය. ඔව්හු අදොනියාට පක්ෂව ඔහුට උපකාරකළෝය.

නුමුත් මනුෂ්‍යයෙක් අදහස්කරලාම තම අසල්වාසියා කරා අවුත් ඔහු ප්‍රයෝගයෙන් මැරුවොත් ඔහු මරනු ලබන පිණිස මාගේ පූජාසනය වෙතින් වුවත් ඔහු අහක්කර ගන්න.

එහි අං එහි කොන් සතර පිට සාදන්න. අංද ඊට සම්බන්ධවී තිබිය යුතුය. ඒක පිත්තලින් වසන්න.

ඔවුන්ගේ පය ලිස්සන කල්හි, පිළිගැනීමද ප්‍රතිඵල දීමද මට අයිතිය. මක්නිසාද ඔවුන්ගේ විපත්ති දවස ළඟය, ඔවුන්ට සූදානම්කර තිබෙන දේද ඉක්මන් වන්නේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්