සාලමොන් රජ යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා යැවීය; ඔහු ඔහුට ගසා මැරුවේය.
තරුණයන්ගෙන් එක්කෙනෙකුට හඬගසා: නුඹ ගොස් ඔහුට පහරදෙන්නැයි කීය. ඔහුද පහරදී ඔහු මැරුවේය.
ඉතින් නුඹ මා සුළුකොට සිතා හිත්තීය උරියාගේ භාර්යාව නුඹට භාර්යා කොට ගත් බැවින් කඩුව කිසිකලක නුඹේ වංශයෙන් පහනොවන්නේය.
දාවිත් තමාගේ යෞවනයන්ට අණ දුන්නේය, ඔව්හු ඔවුන් මරා, ඔවුන්ගේ අත් පා කපාදමා, හෙබ්‍රොන්හි පොකුණ ළඟ එල්ලා තැබුවෝය. නුමුත් ඔව්හු ඊෂ්-බොෂෙත්ගේ හිස රැගෙන හෙබ්‍රොන්හි තිබුණු අබ්නේර්ගේ සොහොනේ තැන්පත් කළෝය.
යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ද පෙලෙතිවරුන්ද කෙරෙහි අධිපතියාව සිටියේය; දාවිත්ගේ පුත්‍රයෝද මන්ත්‍රීවරු ව සිටියෝය.
යෝවාබ් ස්වාමීන්වහන්සේගේ කූඩාරමට පලාගිය බවද ඔහු පූජාසනය ළඟ සිටින්නේය කියාද සාලමොන් රජුට දන්වනලද්දේය. එවිට සාලමොන්: නුඹ ගොස් ඔහු මරන්නැයි කියා යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා යැවීය.
රජ ඔහුට කියනුයේ: ඔහු කී ලෙස කොට ඔහු මරා තැන්පත්කරන්න; එසේ කිරීමෙන් යෝවාබ් නිකරුණේ වගුළ ලේ මා කෙරෙන්ද මාගේ පියාගේ වංශයෙන්ද පහකරන්න.
එවිට යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා ගොස් ඔහුට ගසා ඔහු මැරුවේය; ඔහු කාන්තාරයෙහි තිබුණ තමාගේම ගෙයි තැන්පත්කරනු ලැබීය.
මෙසේ රජ යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාට අණකෙළේය; ඔහු පිටතට ගොස් ඔහුට ගසා මැරුවේය. මෙසේ රජකම සාලමොන් අතේ ස්ථිර විය.
ඔව්හුද: නුඹ බැඳ පිලිස්තිවරුන් අතට පාවාදෙන පිණිස අපි ආවෙමුයයි ඔහුට කීවෝය. සම්සොන්ද: නුඹලාම මට පහර නොදෙන හැටියට දිවුරුම් දෙන්නැයි ඔවුන්ට කීවේය.
සාමුවෙල්ද: නුඹේ කඩුව ස්ත්‍රීන් දරුවන් නැති අය කළාක්මෙන් නුඹේ මෑණියොත් ස්ත්‍රීන් අතරෙහි දරුවන් නැත්තියක් වන්නීයයි කීය. සාමුවෙල් ගිල්ගාල්හිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ආගග් කැබලිකොට කපාදැමුවේය.