එවිට ඈ: මම එක සුළු ඉල්ලීමක් නුඹෙන් ඉල්ලමි; එය නොදී නොසිටිය මැනවිය කීවාය. රජද: මාගේ මෑණියනි, ඉල්ලුමැනවි; මම එය නුඹට නොදී නොසිටින්නෙමියි ඈට කීවේය.
ඉතින් මම එක ඉල්ලීමක් නුඹෙන් ඉල්ලා සිටිමි, ඒක ඉෂ්ට නොකර නොසිටින්නැයි කීවේය. ඈද: කියන්නැයි ඔහුට කීවාය.
ඈද: ෂුනම්මිය අබිෂග් නුඹේ සහෝදරවූ අදොනියාට භාර්යාකොට දෙනු ලැබේවයි කීවාය.
එසේවීනුමුත් විනිශ්චය දවසේදී නුඹට වඩා සොදොම් රටට ඉවසන්ට පහසු වන්නේයයි කියමියි කීසේක.
නැවතත් නුඹලාට කියමි: පොළොවේදී නුඹලාගෙන් දෙදෙනෙක් තමුන් ඉල්ලන යමක් ගැන එක්සිත්වන්නෝ නම්, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේය.
නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත්කෙළෙමි. එසේ කළේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නුමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය.