ඔහු බැලූ විට ඔහුගේ හිස ළඟ අඟුරු පිටි පිළිස්සූ රොටියක්ද වතුර භාජනයක්ද තිබෙනු දැක, කා බී නැවත වැතුරුණේය.
ඒ ඔයෙන් නුඹට බොන්නට පුළුවන; එහිදී නුඹට කෑම දෙන්ට කපුටුවන්ට මම අණකෙළෙමියි කීසේක.
කපුටුවෝ උදයේ රොටි සහ මස්ද සවස රොටි සහ මස්ද ගෙනාවෝය; ඔහු ඔයෙන් වතුර බීවේය.
ඔහු රෝතෙම් ගසක් යට වැතිර නිදාගත්තේය; එවිට දේවදූතයෙක් ඔහුට අතගසා: නැගිට කන්නැයි ඔහුට කීවේය.
තවද ස්වාමීන්වහන්සේගේ දූතයා දෙවෙනි වර ඇවිත් ඔහුට අතගසා: ගමන නුඹට දුර වැඩි නිසා නැගිට කන්නැයි කීවේය.
ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව; දේශයෙහි වාසයකරමින් විශ්වාසකම අනුව යව.
උසස්ථානවල වාසයකරන්නේය. ඔහුගේ රක්ෂාස්ථානය පර්වත බලකොටුය; ඔහුට කෑම දෙනු ලබන්නේය; ඔහුට වතුර ලැබීම වරදින්නේ නැත.
ස්ත්‍රියෙක් ඉතා අනර්ඝවූ සුවඳ තෙලින් පිරෙවු සුදු ගල් කරඬුවක් ගෙන උන්වහන්සේ ළඟට ඇවිත්, කෑමට හිඳගන හුන් උන්වහන්සේගේ හිසේ වත්කළාය.
එකල යක්ෂයා උන්වහන්සේ අත්හැර ගියේය; බලව, දේවදූතයෝ ඇවිත් උන්වහන්සේට උපස්ථානකළෝය.
මක්නිසාද මේ සියල්ල අන්‍ය ජාතීහු සොයති; මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නාසේක.
එවිට යේසුස්වහන්සේ: දරුවෙනි, නුඹලා ළඟ කන්ට යමක් ඇද්දැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හු උන්වහන්සේට උත්තරදෙමින්: නැතැයි කීවෝය.
මෙසේ ගොඩබැස්ස විට ඔව්හු එහි ගිනි අඟුරුද ඒ පිට මාලු තිබෙන බවද රොටිද දුටුවෝය.