Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 රාජාවලිය 18:44

Sinhala Revised Old Version

සත්වෙනි වර ඔහු කථාකොට: මනුෂ්‍යයෙකුගේ අතක් මෙන් කුඩා වලාකුළක් මුහුදෙන් නැගී එන්නේයයි කීවේය. ඔහුද: වැස්ස ඔබ නොවලක්වන පිණිස ඔබගේ රථය සූදානම්කරගෙන ගිය මැනවැයි කියා නුඹ ගොස් ආහබ්ට කියන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

නුඹ ගොස් මුහුද දෙස බලන්නැයි තමාගේ වැඩකාරයාට කීවේය. ඔහු ගොස් බලා ඇවිත්: කිසිවක් නැතැයි කීවේය. නැවත සත්වරක් යන්නැයි ඔහු කීවේය.

නුඹේ පටන්ගැන්ම කුඩා නුමුත් නුඹේ අන්තිමය බොහෝසෙයින් වැඩිවන්නේය.

අහෝ ලාකීෂ්හි වාසයකරන්නිය, ශීඝ්‍ර අශ්වයා රථයේ බඳින්න. ඈ වනාහි සියොන් දුවට පාපයේ පටන්ගැන්මය; මක්නිසාද ඉශ්‍රායෙල්ගේ වරද නුඹ තුළ සම්බවිය.

මක්නිසාද කුඩා දේවල දවස හෙළාදැක්කේ කවුද? මේ සත වන ස්වාමීන්වහන්සේගේ ඇස් තුමූ සෙරුබ්බාබෙල්ගේ අතේ ලඹකැටය තිබෙනවා දැක ප්‍රීතිවන්නෝය; ඒවා පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවතියි කීය.

තවද උන්වහන්සේ සමූහයන්ට කථාකර: බස්නාහිරින් වලාකුළක් නගිනවා නුඹලා දකින විට–වර්ෂාවක් එන්නේයයි නුඹලා එවලේම කියන්නහුය; එසේම වන්නේය.

ඒ මනුෂ්‍යයෝ එසේ කරමින් කිරි එළදෙනුන් දෙන්නෙක් අරන් ගැළට බැඳ, උන්ගේ වස්සන් ගෙයි වසා තබා,

ඉතින් දැන් අලුත් ගැළක් සාදාගන, වියගහ නොදැරූ කිරි එළදෙනුන් දෙදෙනෙකු රැගෙන ගැළට බැඳ, උන්ගේ වස්සන් උන් වෙතින් අරන් ගෙයි නවත්වා,




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්