එවිට එලියා: මා ළඟට එන්නැයි මුළු සෙනඟට කීය; මුළු සෙනඟ ඔහු ළඟට ආවෝය. ඔහු වනාහි කඩාදමා තිබුණු ස්වාමීන්වහන්සේගේ පූජාසනය හරිගස්සා:
ඔහුද: මම සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා බොහෝ ජ්වලිතව සිටියෙමි; කුමක්හෙයින්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔබගේ ගිවිසුම අත්හැර, ඔබගේ පූජාසන කඩාදමා, ඔබගේ ප්‍රොපේතවරුන්ද කඩුවෙන් මැරුවෝය. ඉතුරුව සිටින්නේ මම පමණක්ය; ඔව්හු මාගේ ප්‍රාණයත් නැතිකරන්ට සොයතියි කීවේය.
ඔහුද: මම සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා බොහෝ ජ්වලිතව සිටියෙමි; කුමක් හෙයින්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔබගේ ගිවිසුම අත්හැර, ඔබගේ පූජාසන කඩාදමා, ඔබගේ ප්‍රොපේතවරුන් කඩුවෙන් මැරුවෝය; ඉතුරුව සිටින්නේ මම පමණක්ය; මාගේ ප්‍රාණයත් නැතිකරන්ට ඔව්හු සොයතියි කීවේය.
තවද ඔහු ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිහිටුවා, ඒ පිට ශාන්ති පූජාද ස්තුති පූජාද ඔප්පුකොට, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවයකරන්ට යූදාවරුන්ට අණකෙළේය.
ස්වාමිනි, ඔව්හු ඔබගේ අනාගතවක්තෘවරුන් මැරුවෝය. ඔබගේ පූජාසන බිඳහෙළුවෝය. මම පමණක් ඉතුරුව සිටිමි, ඔව්හු මාගෙත් දිවි නසන්ට සොයතියි කීවේය.