එලියා බාල්ගේ ප්‍රොපේතවරුන්ට කථාකොට: නුඹලා බොහෝදෙනෙකු බැවින් පළමුකොට නුඹලාට ගොනෙකු තෝරාගෙන පිළියෙළකර, නුඹලාගේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤා කරන්න; නුමුත් යටින් ගිනි නොතබන්නැයි කීවේය.
නුඹලා නුඹලාගේ දෙවියන්ගේ නාමය කියා යාච්ඤාකරන්න, මමත් ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන්නෙමි. එවිට ගිනි එවීමෙන් උත්තරදෙන දෙවියන්වහන්සේම දෙවියන්වහන්සේ වන සේක්වයි කීවේය. මුළු සෙනඟ උත්තරදෙමින්: ඒ කීම යහපතැයි කීවෝය.
ඔව්හු තමුන්ට ලැබුණු ගොනා රැගෙන පිළියෙළකොට උදය පටන් ඉරමුදුන් වේලාව දක්වා බාල්ගේ නාමයෙන් යාච්ඤාකරමින්: අහෝ, බාල්, ඔබ අපට උත්තරදුනමැනවයි කීවෝය. නුමුත් කිසි හඬක්වත් උත්තර දුන් කිසිවෙක්වත් නොවීය. ඔව්හු සාදා තිබුණු පූජාසනය වටේට නට නටා ඇවිද්දෝය.
මෝසෙස් ඵාරාවෝට කියනුයේ: මැඩියන් ඔබ වෙතින්ද ඔබගේ මෙහෙකරුවන් වෙතින්ද ඔබගේ ගෙවලින්ද සිඳදමනු ලැබ ගංගාවෙහි පමණක් ඉතුරුවන පිණිස ඔබ සහ ඔබගේ සේවකයන්ද ඔබගේ සෙනඟද වෙනුවට මා කන්නලව්කරන්නේ කොයි වේලේදැයි නියම කිරීමේ ගෞරවය ඔබටම ගත මැනවියි කීවේය.
සමාරියේ ප්‍රොපේතවරුන් අතරේ මම අනුවණකම දුටිමි; ඔව්හු බාල්ගේ නාමයෙන් අනාගතවාක්‍ය කියා, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් මුළාකෙරෙවුවෝය.