Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



1 රාජාවලිය 17:9

Sinhala Revised Old Version

නුඹ පිටත්වී ශීදොන්ට අයිති ශාරෙපත්ට ගොස් එහි වාසයකරන්න. නුඹට ආහාර දෙන්ට එහි සිටින වැන්දඹු ස්ත්‍රියෙකට අණකෙළෙමියි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

ඈ ඒ ගෙනෙන්ට යන අතර ඔහු ඈට අඬගසා: කරුණාකර නුඹේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනෙන්නැයි කීවේය.

ඒ ඔයෙන් නුඹට බොන්නට පුළුවන; එහිදී නුඹට කෑම දෙන්ට කපුටුවන්ට මම අණකෙළෙමියි කීසේක.

ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ:

ඔහු බැලූ විට ඔහුගේ හිස ළඟ අඟුරු පිටි පිළිස්සූ රොටියක්ද වතුර භාජනයක්ද තිබෙනු දැක, කා බී නැවත වැතුරුණේය.

කානාන්වරුන් අතරේ වහල්වී සිටින ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මේ සමුදාව ශාරෙපත් දක්වාම හිමිකරගන්නෝය; සෙපාරද්හි වහල්වී සිටින යෙරුසලමේ අය දකුණු දිශාවේ නුවරවල්ද හිමිකරගන්නෝය.

සීදොන් දේශයෙහි සරෙප්තාවේ වැන්දඹු ස්ත්‍රියෙක් වෙතට මිස ඔවුන්ගෙන් කිසිවෙකු වෙතට එලියා යවනු නොලැබුයේය.

නුමුත් ඒ බලයේ ඉතා උතුම්කම අපට නොව දෙවියන්වහන්සේට අයිතිවන පිණිස මේ වස්තුව අපි මැටි භාජනවල දරමුව.

එවිට ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට කථාකොට: නුඹ සමඟ සිටින සෙනඟ වැඩිය, මා විසින් ඔවුන් අතට මිදියන්වරුන් පාවාදුන්නොත් ඉශ්‍රායෙල් මට විරුද්ධව අහංකාරවී–අපේ අත අප ගැළෙවුවේයයි කියනවා ඇත.

ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට කථාකොට: සෙනඟ තවම වැඩිය; ඔවුන් වතුර සමීපයට ගෙනෙන්න, මම එහිදී ඔවුන් නුඹ උදෙසා විමසන්නෙමි. මොහු නුඹ සමඟ යේවයි මම යමෙකු ගැන නුඹට කියන්නෙම්ද ඔහු යන්නේය; මොහු නුඹ සමඟ නොයේවයි මම යමෙකු ගැන නුඹට කියන්නෙම්ද ඔහු නොයන්නේයයි කීසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්