තුන්වරක් ළමයා පිට දිගාවී ස්වාමීන්වහන්සේට යාච්ඤාකොට: මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මේ ළමයාගේ ප්‍රාණය නැවත ඔහු තුළට පැමිණේවයි කීවේය.
තවද ඔහු ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින්: මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මට නවාතැන් දුන් වැන්දඹුවගේ පුතා නැසීමෙන් ඔබ ඈට විපතක් පැමිණවූසේක්ද? කියා
ඔහු බඩගිනිව, කෑම කන්ට කැමති වූයේය. නුමුත් ඔවුන් එය පිළියෙළ කරද්දී ඔහු මූර්ඡාවිය.
එවිට පාවුල් බැස, ඔහු පිට වැටී, ඔහු වැළඳගන: ඝෝෂා නොකරන්න; මක්නිසාද මොහුගේ ප්‍රාණය මොහු තුළ තිබේයයි කීවේය.
නුමුත් පේතෘස් ඔවුන් සියල්ලන් බැහැරකොට, දණින් හිඳ, යාච්ඤාකර, පසුව මිනිය දෙසට හැරී: තබීතා, නැගිටින්නැයි කීවේය. එවිට ඈ ඇස් ඇර, පේතෘස් දැක හිඳගත්තාය.
මළවුන්ගෙන් පවා නැගුටුවන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි ඔහු කල්පනාකොට, උපහැරණ වශයෙන් මරණයෙන් ඔහු නැවත ලබාගත්තේය.