බාෂා තමාගේ පියවරුන් සමඟ සැතපී තිර්ශාහි තැන්පත්කරන ලද්දේය; ඔහුගේ පුත්‍රවූ ඒලා ඔහු වෙනුවට රජ වුණේය.
යෙරොබොවම්ගේ භාර්යාව පිටත්ව ගොස් තිර්ශාට පැමිණියාය. ඈ ගෙයි එළිපත්ත ළඟට ආ විට ළමයා මළේය.
යෙරොබොවම් රජකම්කළ කාලය විසි දෑවුරුද්දක්ය. ඔහු තමාගේ පියවරුන් සමඟ සැතපුණේය, ඔහුගේ පුත්‍රවූ නාදාබ් ඔහු වෙනුවට රජ වුණේය.
ආසා සහ ඉශ්‍රායෙල් රජවූ බාෂා අතරේ ඔවුන්ගේ සියලු දවස්වල යුද්ධ පැවතුණේය.
බාෂා ඒ අසා රාමා ගොඩනැගීම නවත්වා, තිර්ශාහි වාසය කෙළේය.
යෙරොබොවම්ගේ පුත්‍රවූ නාදාබ් යූදාහි රජවූ ආසාගේ දෙවෙනි අවුරුද්දේ ඉශ්‍රායෙල් කෙරෙහි රජ වී දෑවුරුද්දක් රජකම්කෙළේය.
ඔම්රී තමාගේ පියවරුන් සමඟ සැතපී සමාරියෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ ආහබ් ඔහු වෙනුවට රජවුණේය.
යූදාහි රජවූ ආසාගේ විසි හවෙනි අවුරුද්දේදී බාෂාගේ පුත්‍රවූ ඒලා ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි රජ වී තිර්ශාහි දෑවුරුද්දක් රජකම්කෙළේය.