නුවරදී මැරෙන බාෂාට අයිති කෙනෙකු බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන ඔහුට අයිති කෙනෙකු ආකාශයේ පක්ෂීන් විසින් කනවා ඇතැයි කීවේය.
නුවරදී මැරෙන යෙරොබොවම්ට අයිති කෙනෙකු බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන කෙනෙකු ආකාශයේ පක්ෂීහු කන්නෝය. කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ එය කීසේක.
ආසා සහ ඉශ්‍රායෙල් රජවූ බාෂා අතරේ ඔවුන්ගේ සියලු දවස්වල යුද්ධ පැවතුණේය.
ආහබ්ගේ වංශයෙන් නුවරදී මැරෙන අය බල්ලෝ කන්නෝය; පිටතදී මැරෙන අය පක්ෂීහු කන්නෝයයි කීවේය.
ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් පාවාදෙන්නෙමි. ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේය.